SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විදේශ ගත වීමේ ෆයිල් එක හරියට සම්පූර්ණ නොකිරීම මත

මෙම කලබගෑනිය සිදුවී ඇත. ජනාදිපතිගේ හෝ ඇමතිවරයකුගේ විදේශගතවීම සම්පූර්ණ ලෙස සම්බන්ධීකරණය කරනු ලබන්නේ ලේකම් ඇතුලු කාර්‍ය්‍ය මන්ඩලය විසිනි. මෙබදු දේශපාලන නායකයන්ගේ දිනපොත පවා කලමනාකරණය කාර්‍ය මන්ඩලය සිදුකරයි.

 

 

චේතනාහන් භික්ඛ්හවේ කන්මන්වදාමි

 

රාජකාරි කටයුක්තක් සදහා ඇමරිකාවටත්, පුද්ගලික හෝ රාජකාරිමය කටයුත්තක් සදහා එන්ගලන්තයටත් යාමේ අවශ්‍යතාවයක් රනිල් මැතිතුමාට ඇතිවේ. මෙය ඒකාබද්ද ගමනක් බැවින් මෙහි වගකීම ලේකම් වෙත පැවරේ. මේ සඳහා ගුවන් ටිකට් වීසා ආදිය ලබා ගැනීම ලේකම් කාර්‍යාලයේ වගකීමකි.

 

 

මේ සඳහා යන වියදම් රජයෙන් දැරීම පිලිබදව කිසිදු උපදෙසක් හෝ චේතනාවක් ජනපති තුමා වෙත නොතිබෙන්නට ඇති බව සහතිකය. ඔහුගේ චරිතය එබඳුය. පාර්ලිමේන්තුවේ වැටුප් හෝ දීමනා හෝ කිසිදු වරප්‍රසාදයක් නොගත් ඔහු, අල්ලස් හෝ දූශන නැති කිරීම සදහා වූ බොහෝ නීතිමය ප්‍රතිපාදන නිර්මාණය කල ඔහු, පෞද්ගලික විදේශ සන්චාර සදහා ඇති තරම් මූල්‍ය පහසුකම් සහිත පරපුරකින් පැවත එන ඔහු මෙම සංචාරය සඳහා ආන්ඩුවේ මුදල් වැය කිරීමට කිසිදු වංක චේතනාවක් නොතිබූ බව නොපැකිලිව කිව හැක.

 

 

මෙම ගමන් දෙකම රාජකාරි ලෙස අර්ථගන්වා ෆයිල් එක හැදීම ලේකම් වගකීමකි. එසේ නොවන්නේ නම් පෞද්ගලික කොටස වෙනම ගෙන ඒ සදහා මුදල් ගෙවීමේ අවශ්‍යතාවය ජනපති මෙන්ම ඒ සදහා කටයුතු කරන අයවලුන් හරහා මුදල් ලබාගෙන නිවැරදි ලිපිගොනුව සම්පුර්ණ කිරීමේ නිලදාරි වගකීම පැහැර හැරීමකි.

 

 

මෙය රනිල් මැතිතුමාටත් තම කට උත්තරයේදී ප්‍රකාශ කල හැකිව තිබුනත් ඔහු එලෙස නිලදාරීන් පාවා නොදීම විශිෂ්ඨය. ඒ වෙනුවෙන් අදාල ක්‍රියාව කිරීම සදහා කිසිදු චේතනාවක් නොවූ ඔහුබන්ධනාගාර ගත විය.

 

 

ලංකාවේ රාජ්‍ය සේවයේ ෆයිල් එක හරිනම් සියල්ල නිවැරදිය. බොහෝ මිලදී ගැනිම සඳහා නිසි පරිදි මිල ගනන් කැඳවූ බවට ව්‍යාජවූත්, නිවැරදි මුහුනතක් ඇති ලිපිගොනු සෑදීමට නිලදාරීන් හැකියා කුසලතා ඇති අතර ඒවා ඔඩිට් නිලදාරීන් ගේ මීටරයට හසුනොවේ.

 

වාහන running chart ලිවීමද මෙබදුය. රාජකාරි වාහනයෙන් රටේ නැති පෞද්ගලික ගමන් බිමන් ගොස් runing chart නිවැරදිව ලිවීම සිදුවේ. ඇමතිවරයාට අවශ්‍යම දේ ලබාදීමට නිසි ලෙස ලිපිගොනු සකසා අවශ්‍ය දේ හෝ සේවය ලබාදීම, ඇමතිතුමාගේ මැතිවරණ කොට්ඨාශයෙන් එන ලැයිස්තුවට ජොබ් ලබාදීම ආදිය සදහා ෆයිල් හැදිමේ (අ)යහපාලන මූලදර්ම රාජ්‍ය සේවයේ රහස් නොවේ.

 

මේ සදහා අවශ්‍යවන්නේ සහයෝගිතා ලේකම් හැකියාවකි.

 

ව්‍යාජ හෝ නිර්ව්‍යාජ ලිපිගොනු නිර්මාණයේ පරිචය නඩු නැති රාජ්‍ය සේවයකට මගකි.

 

@Jinasiri Dadallage

නවතම ලිපි