SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඡායාරූපය - රනිල්ට ආරාධනාව එවූ වෝල්වර්හැම්ප්ටන් සරවියේ කුලපති මිය යයි..

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ ගේ

ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කරන ලද එංලන්තයේ වෝල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කුලපති සොරාජ් පෝල්  අභාවප්‍රාප්ත වී ඇත.

 

 

වයස අවුරුදු අනූ හතරේදී ඔහු අභාවප්‍රාප්ත වන විට වසර 25 ක පමණ කාලයක් අදාළ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

 

 

ඇයි අනුර මෙහෙම කළේ?

තේරුණේ දැන් තමයි...

 

තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ලබාදුන්  ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවේ.

 

අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් එම ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කර තිබිණී.

 

එහි දැක්වෙන්නේ,

"මම හැම වෙලාවෙම රට වෙනුවෙන් වැඩ කළේ. පුද්ගලික කාරණා වලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ.. මේ පාලනයේ දැන් තමයි සත්‍ය මුහුණ එන්නේ. මේ හැම තැනම සිදුවෙන දේශපාලන වශයෙන් කරන කටයුතු.. මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ."

 

 

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට එල්ල වී තිබූ ජනතා මුදල් අවභාවිතා කිරීම යන චෝදනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාර බව සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් මතුව තීබේ.

 

WhatsApp Image 2025 08 23 at 09.28.22

 

ජනාධිපතිවරයෙක්ට පුද්ගලික කාරණයකදී විදේශගත වීමේදී බලපාන කාරණා මෙන්ම රට තුළදී පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් සහභාගි විමේදී ඇතිවන තත්වයන් ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෘනෝ දිවාකර පෝස්ටුවක් පළ කර තිබු‌යේ එසේය.

 

 

රනිල්ව බලන්න මහින්ද එයි..

 

පමහ රන

 

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබේ.

 

දේශපාලන නායකයින්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට පත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.

 

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියේය.

 

"දේශපාලනය කරනවා නම් ඕක උරුමයි...එතුමා ඒකට මුහුණදෙනවා"

යනුවෙන් ද මහින්ද රාජපක්ෂ පැවසීය.

 

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බව ද පැවසු මහින්ද රාජපක්ෂ, ජනතාව තවමත් තමාට ආදරය කරන බව ද කියා සිටියේය.

 

"අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා..."

 

 

රනිල් අත්අඩංගුවට ගැනීම  අනුරගේ වැඩක් හෝ නිර්ධනයාගේ ජයග්‍රහණයක් ද?

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම වත්මන් ජනාධිපති අනුර දිසානායකගේ හෝ ආණ්ඩුවේ වැඩක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකවරයෙක් වූ දේශපාලන විශ්ලේෂක එරන්ද ගිනිගේ පවසයි. ඔහු තම ගිණි කබල පිටුවේ ලියා ඇති සටහනක ඒ බව විස්තරාත්මකව දක්වා තිබේ.

 

536282539 10163425797431171 6116632993571354601 n

 

 

නව දේශපාලන ව්‍යාපාරය හැදිය යුත්තේ කෙසේද? (එරන්ද ගිනිගේ)

 

රනිල් අත්අඩංගුවට ගැනීම නිර්ධනයා ලද විශිෂ්ට ජයග්‍රහණයක් බව කියමින් මාධව රුවන්පතිරණ පිට පිට ෆේස්බුක් පෝස්ට් දමයි. එය මෙරට ප්‍රජාතන්ත්‍රය ලද විශිෂ්ට ජයග්‍රහණයක් බව කියමින් සාලිය පීරිස් බාගෙට උදම් අනයි. මේ වනාහි රනිල් ම සිද්ධ කර ගත් පාප කර්මයන්ට විපාක දීමක් යැයි කියමින් ඇතැමුන් සතුටු වේ. නමුත් සැබැවින්ම සිදු වූයේ කුමක්ද?

 

2022 ජූලි 9 වැනි දා රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට පණිවිඩයක් ආවේ ය. එයින් නියෝග කොට තිබුණේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙස ය. ඔබ හිතන්නේ එම නියෝගය ආවේ කොහෙන් කියාද? එය පැමිණියේ ධනපතියන්ගේත් ධනපතියාගෙනි. ලෝකෙට ලොක්කාගෙනි. මාධව රුවන්පතිරණලා දේශපාලන අතදරුවන් ය.

 

WhatsApp Image 2025 08 23 at 12.22.34

 

ගෙවිඳු කුමාරතුංග කියූ ආකාරයට ගෝඨාභය ඇමරිකන් පදේට නැටුවේ නැත. රාජ්‍ය නායකයා ලෙස තමාට තිබිය යුතු ආරක්ෂාව තවදුරටත් නැති බව ඔහු නිශ්චිතව හඳුනා ගත්තේ පණිවිඩය ගෙනා පුද්ගලයා අනුව ය. රටින් පිටවීමට ඔහු තීරණය කරන්නේ එම මොහොතේ ය. මේ කථාව සම්පූර්ණයෙන් කීමට තව ම අවස්ථාව නොවේ. නමුත් රනිල් වික්‍රමසිංහගෙන් මේ වාඩුව ගත්තේ නාමල් බලන්නට නෙළුම් මාවතට ආ යක්දෙස්සිය බව සාලියගේ සාංකූලික බාග-උද්දාම හැඟවුම්කාරකයෙන් පමණක් වුවත් තේරුම් ගත හැකි ය.

 

 

ශිරාල් ලක්තිලක ඇතුළු ඊනියා දකුණේ වාමාංශිකයන්ට මෙය කම්මුල් පහරකි. ඊනියා යහපාලන ඩොලර් පාපකර්මයේ විපාක දීමකි. නමුත් ඔවුන් තවමත් පාඩමක් ඉගෙන ගෙන නැත. ඔවුන් තවමත් පැද්දෙන්නේ ඇමරිකන් ඔන්චිල්ලාවේ ය. දීප්ති කුමාර යෝජනා කරන්නේ මටත් එහි එන්න කියා ය. මඤ්ඤන්ද කොල්ලෝ කිව්වලු.

 

 

රනිල් අත්අඩංගුවට ගත්තේ අනුරගේ උවමනාවකට නොවේ. අනුරට ඒ තරම් හැකියාවක් නැත. අනුර යනු ඇමරිකන් රූකඩයකි. අනුර පමණක් නොවේ, පශ්චාත් අරගල ලංකාව ම නැටවෙන්නේ ඇමරිකන් පදේට ය. නව දේශපාලන ව්‍යාපාරය හැදිය යුත්තේ දේශප්‍රේමී සිංහල බලවේගයක් ලෙසිනි. ධර්මය අපට මග වේවා!

(එරන්ද ගිනිගේ)

 

 

 

 

නවතම ලිපි