SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

චීනය සිය රට තුළ හරිත නවීකරණය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින්

සුවිශේෂී පියවරක් ගෙන තිබේ. ඒ අනුව, 2026 සිට 2030 දක්වා කාලසීමාව තුළ පරිසර සංරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා වන ඔවුන්ගේ නවතම සංවර්ධන සැලැස්ම පසුගියදා නිකුත් කරන ලදී. චීනයේ පරිසර හා පාරිසරික අමාත්‍යාංශය, ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය ඇතුළු තවත් දෙපාර්තමේන්තු කිහිපයක් ඒකාබද්ධව මෙම සැලැස්ම සකස් කර ඇත.

 

 

 

මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධානතම අරමුණ වන්නේ එරට පරිසර පද්ධතිවල ගුණාත්මකභාවය ස්ථාවරව වැඩි දියුණු කිරීමයි. ඊට අමතරව, පරිසර පද්ධතිවල විවිධත්වය, ස්ථාවරත්වය සහ විවිධ පාරිසරික ගැටලුවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම මෙන්ම රට තුළ පාරිසරික ආරක්ෂාව වඩාත් තහවුරු කිරීම ද මින් අපේක්ෂා කෙරේ.

 

 

මෙම සැලැස්ම ක්‍රියාත්මක වන කාලසීමාව සඳහා පැහැදිලි හා සුවිශේෂී ඉලක්ක කිහිපයක්ම නියම කර තිබීම විශේෂත්වයකි. ඒ යටතේ, චීනයේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 18% කට නොඅඩු ප්‍රමාණයක් ආරක්ෂිත කලාප ලෙස අඛණ්ඩව පවත්වා ගැනීමට සැලසුම් කර ඇත. එසේම, පාරිසරික ගුණාත්මක දර්ශකය 86.5 ක අගයක් දක්වා ඉහළ නැංවීම ද ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයකි.

 

 

එපමණක් නොව, පාංශු සහ ජල සංරක්ෂණ අනුපාතය 74% ට වඩා ඉහළ දැමීමටත්, වනාන්තර ආවරණ අනුපාතය 25.8% දක්වා ගෙන ඒමටත් මෙම සැලැස්ම හරහා චීනය අපේක්ෂා කරයි.

 

 

නවතම ලිපි