SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

FIFA නිල ප්‍රතිවිකුණුම් වේදිකාවේ ඩොලර් මිලියන 2.3 සීමාවට

 

නිව්යෝර්ක් හි නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2026 ලෝක කුසලාන පාපන්දු

තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා අවසන් මොහොතේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට නම් කෝටිපතියෙකු විය යුතු තත්ත්වයක් උදාවී ඇත. තරගය ආරම්භ වීමට පැය 24කටත් වඩා අඩු කාලයක් තිබියදී, ෆිෆා (FIFA) නිල ප්‍රතිවිකුණුම් (Resale) වෙබ් අඩවියේ ප්‍රවේශ පත්‍රයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 2.3ක් (රුපියල් කෝටි ගණනක්) දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

 

මෙසීගේ ආර්ජන්ටිනාව සහ යොවුන් සුපිරි තරුවක් වන ලැමින් යමාල්ගේ ස්පාඤ්ඤය අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය, ඇමරිකානු ඉතිහාසයේ පැවැත්වෙන වඩාත්ම මිල අධික ක්‍රීඩා ඉසව්ව බවට පත්වනු ඇතැයි අනුමාන කෙරේ. සිකුරාදා වන විට බොහෝ ප්‍රවේශ පත්‍ර අලෙවි වී තිබූ අතර, ඉතිරිව තිබූ සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් ඩොලර් 32,000 බැගින් ෆිෆා අලෙවි අඩවියේ සටහන්ව තිබුණි.

 

 

කෙසේ වෙතත්, සෙනසුරාදා වන විට නිල අඩවියේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර අවසන් වූ අතර, එහි නිල ප්‍රතිවිකුණුම් (Resale) අංශයේ ප්‍රවේශ පත්‍ර මිල ඩොලර් 10,000 සිට ඩොලර් මිලියන 2.3 දක්වා අහස උසට ඉහළ ගොස් තිබේ. වීසා සීමා කිරීම් සහ ඇමරිකාවේ අභ්‍යන්තර තත්ත්වයන් හේතුවෙන් ප්‍රේක්ෂක පැමිණීම අඩුවනු ඇතැයි මුලදී මත පළ වුවද, අධික මිල ගණන් නොතකා ප්‍රේක්ෂකයින් මෙවර ලෝක කුසලාන තරග නැරඹීමට විශාල වශයෙන් ඇදී ආ බව දත්ත පෙන්වා දෙයි.

 

 

මෙවර තරගාවලිය සඳහා ෆිෆා ආයතනය විසින් ප්‍රථම වතාවට "ඩයිනමික් ප්‍රයිසිං" (Dynamic Pricing) හෙවත් ඉල්ලුම අනුව මිල වෙනස් වන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණි. ඒ අනුව ඉල්ලුම ඉහළ යන විට ප්‍රවේශ පත්‍ර මිල ගණන්ද ස්වයංක්‍රීයව ඉහළ යන අතර, මේ හේතුවෙන් ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තු වූවාට වඩා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇත.

 

 

ඇමරිකාව තුළ පවතින ලිහිල් ප්‍රතිවිකුණුම් නීති රීතිද මෙම මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. අනෙක් සම සත්කාරක රට වන මෙක්සිකෝවේ මිලදී ගත් මිලට වඩා වැඩි මිලකට ප්‍රවේශ පත්‍ර නැවත විකිණීම තහනම් වුවද, ඇමරිකාව තුළ එවැනි දැඩි නීති නොමැති වීම නිසා තැරැව්කරුවන්ට තමන්ට රිසි සේ මිල තීරණය කිරීමට අවස්ථාව ලැබී ඇත.

 

 

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ සාමාන්‍ය පාපන්දු ලෝලීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව මානව හිමිකම් සහ ක්‍රීඩා ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මෙවර තරගාවලිය සියලු දෙනාටම විවෘත වූවක් බව ප්‍රකාශ කළද, සැබවින්ම මෙය ඉහළ ධනපති පන්තියට පමණක් සීමා වූ (World Cup for a happy few) තරගාවලියක් බවට පත්ව ඇතැයි විචාරකයෝ චෝදනා කරති.

නවතම ලිපි