SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ කඩා වැටී ඇති ක්‍රීඩාව යළි නඟා සිටුවීමේ අරමුණින් ජාතික ඔලිම්පික් කමිටු

(NOC) සභාපති ධුරය සඳහා තරග වදින පොදු අපේක්ෂක, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් සිය ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවෙයි.

 

 Jaswar Umar cleared to contest - www.srilankasports.com

 

 

ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජයගත හැකි ප්‍රධානතම වේදිකාව ඔලිම්පික් උළෙල වුවද, නිසි නායකත්වයක් සහ ශක්තිමත් පදනමක් නොමැතිකම හේතුවෙන් එම සිහිනය බොඳ වී ගොස් ඇත. අද (25) පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් බව ජස්වර් උමර් අවධාරණය කරයි.

 

 

ඔහුගේ ප්‍රධානතම දැක්ම වන්නේ ක්‍රීඩාව හුදු විනෝදාංශයකින් ඔබ්බට ගෙන ගොස් එය "සෑම දරුවෙකුගේම මූලික අයිතිවාසිකමක්" බවට පත් කිරීමයි. නාගරික ප්‍රභූ පාසල්වලට පමණක් සීමා වී ඇති ක්‍රීඩා වරප්‍රසාද ග්‍රාමීය මට්ටමට ගෙන යමින්, සැඟවුණු දක්ෂතා මතු කර ගැනීමේ පැහැදිලි ටාගට් (Target) එකක් ඔහු සතුව ඇත. ඔලිම්පික් පදක්කම් සිහිනයේ ෆවුන්ඩේෂන් (Foundation) එක ක්‍රීඩාංගණයෙන් නොව දරුවා හැදී වැඩෙන 'ගෙදරින්' ආරම්භ විය යුතු බව ඔහුගේ ස්ථාවරයයි.

 

 

Jaswar Umar has outlined a clear and progressive vision for the future of  the National Olympic Committee - www.srilankasports.com

 

 

වර්තමාන ලෝකයේ පවතින ඔලිම්පික් ක්‍රීඩා 33 සඳහාම ශ්‍රී ලාංකික දරුවන් සූදානම් කිරීම ජස්වර් උමර්ගේ විෂන් (Vision) එක වී තිබේ. "ක්‍රීඩාව ගමට" යන සංකල්පය යටතේ ග්‍රාමීය ක්‍රීඩා යටිතල පහසුකම් (Infrastructure) සංවර්ධනය කිරීම මීට සමගාමීව සිදුවනු ඇත.

 

ජාතික ඔලිම්පික් කමිටුව හුදෙක් නිලතල දරන නාමික ආයතනයක් වෙනුවට, සැබෑ ඔපරේෂනල් (Operational) කණ්ඩායමක් විසින් මෙහෙයවන තැනක් බවට පත් කිරීම ජස්වර්ගේ අරමුණයි. ක්‍රීඩා පරිපාලනය අතිශය ට්‍රාන්ස්පේරන්ට් (Transparent) ලෙස පවත්වාගෙන යමින්, දූෂණය සහ වංචාව මුළුමනින්ම තුරන් කිරීමට ඔහු ප්‍රතිඥා දෙයි. ක්‍රීඩකයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන මූල්‍ය ගැටලු විසඳීම සඳහා ස්ථාවර ෆන්ඩින් සිස්ටම් (Funding system) එකක් ස්ථාපිත කිරීම ඔහුගේ පාලනයක් යටතේ සිදුවනු ඇත. ක්‍රීඩකයාට ක්‍රීඩාව ගැන පමණක් සිතීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම පරිපාලනයේ වගකීම බව ඔහු තරයේ විශ්වාස කරයි.

 

 

මේ වන විටත් ජස්වර් සමඟ තරග කිරීමට සිටි ප්‍රතිවාදී කඳවුරුවල නියෝජිතයින් රැසක්ද ඔහුගේ කැම්පේන් එකට ආකර්ෂණය වී ජයග්‍රහණය තහවුරු කිරීමට එක්ව සිටින බව ජස්වර් පාර්ශ්වය පවසයි. ඒ අනුව අද පැවැත්වෙන නිලවරණය හුදු පරිපාලන වෙනසක් පමණක් නොව, ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ දිශානතිය තීරණය කරන ටර්නින් පොයින්ට් (Turning point) එකක් වනු ඇත.

 

 Jaswar Umar - Football President (@jaswar_ffsl) • Instagram photos and  videos

 

ජස්වර් උමර්ගේ ඉදිරිගාමී නායකත්වයත්, දූෂණයෙන් තොර දැක්මත් ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමට බලා සිටින දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව බලාපොරොත්තුවක් වනු නොඅනුමානය. අද පැවැත්වෙන ඡන්දයෙන් තමාගේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ නාමය ලෝක ක්‍රීඩා සිතියමේ රන් අකුරින් සටහන් කිරීමේ විප්ලවීය වෙනස ආරම්භ වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

 

නවතම ලිපි