SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ධර්මයට අනුව සැබෑ ආදරය කියන්නේ තෘෂ්ණාවෙන් බැඳීම නොව, අනිත්‍යතාව වටහාගෙන

එකිනෙකාට සසර දුකින් මිදීමට සහාය වීමයි. එය ආත්මාර්ථකාමී හැඟීමක් නොව, සතර බ්‍රහ්ම විහරණ (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා) මත පදනම් වූ, තමන් සහ අනෙකා මරණයෙන් හා මානසික අසහනයෙන් නිදහස් වීමට උපකාර කරන ප්‍රඥාවන්ත කැපකිරීමකි.

 

 

✨ ධර්මයෙන් සැබෑ ආදරය දකින ආකාරය:

  • ආදරය යනු ආධාර කිරීම: සැබෑ ආදරය යනු සහකරු හෝ සහකාරිය සසර දුකින් (මරණය, ලෙඩ රෝග, වයසට යාම) මුදා ගැනීමට ප්‍රඥාවන්ත ධර්මය දරන්නට උපකාර කිරීමයි.

  • අනිත්‍යය වටහා ගැනීම: රූපය නිසා තෘෂ්ණාවෙන් බැඳීම නොව, පංචස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය (සියල්ල පිරිනිවී යන බව) වටහාගෙන ආදරය කිරීමයි.

  • ශීලය මත පදනම් වීම: මිතුරන් වෙනුවෙන් නිරයට වැටීම නොව, ශීලය රැකගනිමින්, අනෙකාගේ සිල්වත්භාවයට ගරු කරමින් සැබෑ ආත්ම ශක්තියක් ගොඩනගා ගැනීමයි.

  • උපාදානයෙන් මිදීම: පුද්ගලයෙකු කෙරෙහි ඇති තදබල අල්ලා ගැනීම (උපාදානය) දුකට හේතු වන බව වටහාගෙන, සිතේ සංසිඳීමක් ඇති කරන ආදරයක් වර්ධනය කිරීමයි.

 

කෙටියෙන් කිවහොත්: සැබෑ ආදරය යනු එකිනෙකා සසර පාරේ තවදුරටත් අසරණ නොකර, ධර්ම මාර්ගය පෙන්වා දී නිවන් සුවය උදෙසා සහාය වීමයි.

 

 

 ඇයි ඔබ ආත්මාර්ථකාමී යැයි පවසන්නේ?

 

හිතලා බලන්න... ඔබට මොහොතකටවත් ඔබගේ ඇස, කණ, දිව, නාසය, කය සහ මන පිනවාගන්නට නොහැකිවීමේ දුක උහුලාගන්නට නොහැකි නිසාවෙන් ඔබගේ සහකාරයාව / සහකාරියව මරණය සහ මරණය සමාන දුකකට පත්වෙන්නට යොමුකරවනවා නොවේද? ඉතින් මෙය ආත්මාර්ථකාමීත්වය නෙවේද?

 

 

සමහර වෙලාවට සැබෑ ආදරය හිමි කරගැනීමම නෙවේ. තවත් කෙනෙක් සමග මේ කියන්නා වූ ආශ්වාද වැඩපිළිවෙල ලබන්නට ඔබ ඔබගේ සහකරුට හෝ සහකාරියට තමන් කැමැති වෙනත් කෙනෙක් සමග යෑමට උපකාරයක් වෙනවා... මේ ආකාරයෙන් නොයෙක් ආකාරයෙන් තම තමන්ගේ සැබෑ ආදරය කියලා පෙන්වන්නේ පංච කාම ආශ්වාදය ලබන්නට තම තමන්ගේ ඇති කැමැත්තම නෙවේද කියලා දැන් ඉතින් බුද්ධිමත් ඇත්තෝ හිතලා බැලීම සුදුසුයි.

 

 

මේ ආශ්වාද මාත්‍රය අහිමිවීම නිසාම සියදිවි නැතිකරගන්නටත් පෙළඹෙන ඇත්තෝ ඉන්නවා නේද? එහෙනම් ඉතින් සැබෑ ආදරයක්, අවංකවම ආදරයක් තියෙනවා නම් ඒ ආදරය කුමක් විය යුතුයිද?

 

 

සැබෑ ආදරය යනු "සහාය දීමකි"

තමන් ජීවිතයටත් වඩා තමන් ප්‍රියකරන්නා වූ, ආදරය කරන්නාවූ ඒ පුද්ගලයාට:

 

  1. මරණයෙන් නිදහස් වීමට

  2. මරණය සමාන දුක් වලින් නිදහස් වීමට

  3. මානසික අසහනයන්ගෙන් නිදහස් වීමට

  4. වයසට යෑමෙන් හා ලෙඩ රෝග ආදියෙන් නිදහස් වීමට

 

 

උපකාර කල යුතුයි... එයම නොවේද සැබෑවටම යමෙක් තවත් කෙනෙකුට ආදරයක් තියෙනවා නම් කල යුත්ත? එයම නොවේද සහකාරයා හෝ සහකාරියගේ සැබෑම සහාය?

 
 

ටිකක් හිතලා බලන්න... ටිකක් නොවේ ගොඩක් හිතලා බලන්න... මෙන්න මේ කැපකිරීම ඔබට කරන්නට හැකි නම් ඔබගේ සහකාරයා / සහකාරිය විතරක් නෙවේ ඔබටත් මේ කියන්නා වූ සියලු දුක් කන්දරාවන්ගෙන් මිදෙන්නට හැකිවේවි.

☸️ කළ යුත්තේ කුමක්ද?

 

ඔබගේ සහකාරයාට හෝ සහකාරියට මේ සියලු දුකෙන් මිදෙන්නට උපකාර වන්නා වූ ප්‍රඥාවන්ත ධර්මය දරන්නට ඔබට හැකි උපරිමයෙන් කටයුතු සලසා දෙන්න... ඔබට හැකි උපරිමයෙන් ඒ වෙනුවෙන් සහායක් වන්න.

 

ඔබ බෞද්ධ කාන්තාවක් ලෙස බුද්ධ චරිතය අසා දන්නවා නම්, ඔබට නිතරම සිහියේ තබාගන්නට හැකි සැබෑම ආදරයක් පෙන්වූ චරිතය යශෝධරාවයි. තමන්ගේ සහකාරයාට සැබෑවටම සහාය දුන්න, අවංකවම ආදරය කල සැබෑම සහකාරියක් තමයි ඇය. ඒ නිසාම ඇයටත් එහි උතුම් ඵල නෙලාගන්නට හැකියාවක් ලැබුණා.

 

 

විශේෂයෙන් තරුණ වයසේ ඉන්න දූ දරුවන්, සහෝදර සහෝදරියන් මේ ගැන වඩාත් උනන්දුවෙන් සිතා බලා නිසි ලෙසින් කටයුතු කරන්නට උත්සාහ කරන්න. මේ බුද්ධිමත්භාවය තමන් තුල වැඩෙන තරමටම, ගිහි පරිසරයක් හෝ විවාහක පරිසරයක් තුල වුවත් අතහැරීම, නොඇලීම සහ මිදීම නම් වූ සැබෑ සතුට හිමිකරගැනීමේ නිවන් මාර්ගය පුහුණු කිරීමට එය බාධාවක් නොවනු ඇත.

 

 

⚠️ ඇම ගිලින මසුන් නොවන්න...

 

ඇමට ඇති කැමැත්ත නිසාම ඒ ආශ්වාදය ලබන්නට ගොස් මාළුවා ඇමක් ගිලදමාගෙන මරණයට පත්වෙනවා වගේ, මොහොතක සුවයක් ලබන්නට පංච කාම ආශ්වාද වෙනුවෙන් තමන්ගේ සහකාරයාව හෝ සහකාරියව ඇමක් බවට පත්කර නොගන්න.

 

මෙම හැඟීම් වලට, සිතට හෝ කයට වහලෙක් නොවී... ඒ වහල් භාවයෙන් මිදෙන්න. තමන්ගේ සහකාරයා හෝ සහකාරියවත් එයින් මුදවාගන්නට බුද්ධිමත්ව සැබෑම මිනිසෙක් වශයෙන් කටයුතු කරන්නට ඔබට තිසරණයේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!

 


©️ Buddhist Brotherhood

බෞද්ධ සහෝදරත්ව පදනම

නවතම ලිපි