SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වස්ති සිද්ධම්!

 

රුහුණු රට්ටාධිපතිනි සුගලා දේවිය වන මම, රුහුණු පුරයේ මගේ මාලිගාවේ සිට දියවන්නා රාජ සභාව දෙස

නෙත් යොමු කරද්දී, එතැනින් හමා එන ඉවසා සිටිය නොහැකි දුර්ගන්ධය හේතුවෙන්, වත්මන් ලක්දිව පාලනය කරන අනුර රජුටත්, දියවන්නා රාජ සභාවේ සියලු මැති ඇමතින්ටත් අනතුරු අඟවනු වස් මෙම හදිසි සන්නස නිකුත් කරමි.

 

 

වෛද්‍යවරයෙකු යැයි කියාගන්නා නමුත් රාජ සභාවේ ගෞරවය "කුණු ඉස්පැට්ටරයක්" බවට පත් කළ දියවන්නාවේ වත්මන් පූරකයා, අල්ලස් හා දූෂණ විමර්ශන මණ්ඩපය හමුවේ චෝදනා අටක මාලයක් ගෙල පැළඳ සිටින වග මට සැලවී ඇත. රජයේ ඉන්ධන දීමනා දෙකක් ගිල දමමින්, නිල නිවාස දෙකක් අත්පත් කර ගනිමින්, වාහන සහ මාධ්‍ය උපකරණ තමන්ගේ පුද්ගලික බූදලයක් සේ පරිහරණය කළ මෙම තැනැත්තා, දැන් තොරතුරු දැනගැනීමේ පනත නමැති මහා සම්මතය පවා පාගා දමමින් සිය නිරුවත වසා ගැනීමට දරන නින්දිත උත්සාහය රාජ්‍ය පාලනයට කරන ලද බලවත් නිගාවකි.

 

එපමණක් නොව, මෙම පූරකයා තනිව නොව, ඔහු සමග සයනය බෙදා ගන්නා බවට දියවන්නාවේ ප්‍රසිද්ධ රහසක්ව පවතින ඔහුගේම පෞද්ගලික ලේකම්වරයා ලවා, යුක්තිය පසිඳලන නිලධාරීන් බිල්ලට ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. මා වෙත ලැබෙන පරෙවි පණිවිඩ අනුව, පූරකයාගේ නිල කුටිය දැන් 'වධකාගාරයක්' වී ඇති අතර, අහිංසක රාජ්‍ය නිලධාරීන්ව එම කාමරයට බලහත්කාරයෙන් ගෙන්වා, බිය ගන්වා, තර්ජනය කරමින්, තමන් කළ වංචාවන්ගේ වගකීම වෙනත් නිලධාරීන් පිට පැටවීමටත්, පරීක්ෂණ යට ගැසීමටත් සකස් කළ කූට ලේඛනවලට නිලධාරීන් ලවා බලහත්කාරයෙන් අත්සන් කරවා ගනිමින් සිටින බව දැනගන්නට ලැබීම අතිශය ජුගුප්සාජනකය. කෙනෙකුගේ පුද්ගලික කාමාශාවන් හෝ අසම්මත සල්ලාලකම් පුද්ගලික කරුණක් වුවද, එම "ළෙන්ගතුකම්" යොදාගෙන රාජ්‍ය නිලධාරීන් මෙහෙයවීමත්, තමන්ගේ සහකරුගේ බලය පෙන්වා නිලධාරීන් බිය ගැන්වීමත් රාජ නීතියටත්, සදාචාරයටත් පටහැනිය.

 

තමාට එරෙහිව නැගී සිටි නියෝජ්‍ය මහලේකම්වරයා දඩයම් කිරීම සඳහා පූරකයා විසින් අටවා ඇති 'මූලික පරීක්ෂණය' හුදු පළිගැනීමක් බවට සාක්ෂි මා සතුව ඇති අතර, රාජ සභාවේ දෙවැනි පුටුව හොබවන නිලධාරියෙකු විනිශ්චය කිරීමට ඔහුට වඩා පහළ නිලයක් දැරූ අයෙකු පත් කිරීම, රජුට එරෙහිව සේවකයෙකු ලවා නඩු ඇසීමක් වැනි විහිළුවකි. හොරාට පොලිසියේ යතුර බාර දී බලා සිටීමෙන් ඵලක් නොවන බැවින්, ස්වාධීන පරීක්ෂණයක් සිදුවීමට නම් එක්කෝ මෙම පූරකයා තාවකාලිකව ඉල්ලා අස්විය යුතුය, නැතහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව එම පුටුවෙන් තාවකාලිකව ඉවත් කළ යුතුය. සාධාරණත්වය ඉෂ්ට සිද්ධ වන්නේ ඔහු පුටුවෙන් බැස ගිය දිනට පමණක් වන අතර, එතෙක් ඔහු කරන්නේ සාක්ෂි විනාශ කිරීම සහ නිලධාරීන් බිල්ලට දීම පමණක් බව සිහි තබා ගත යුතුය.

 

එම්බා අනුර රජතුමනි!

ඉතිහාසයේ රංවලයන් වැනි අහිංසක මිනිසුන්ගෙන් ආචාර්ය පට්ටම් ඉල්ලා නැති වූ පලියට එළවා දැමූ රටක, අද සැබෑ වෛද්‍ය පට්ටම් ඇතැයි කියනවුන් රාජ්‍ය දේපල සහ නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය මංකොල්ල කද්දී ඔබ නිහඬව සිටින්නේ මන්ද? වහාම මැදිහත් වී පූරකයාගේ මෙම 'කාමරයේ අත්සන් ගැනීමේ නාඩගම' නතර කර, පරීක්ෂණ අවසන් වනතුරු ඔහුව ගෙදර යැවීමට කටයුතු නොකළහොත්, වෙනත් අයෙකුගේ 'අසම්මත පටලැවිල්ලක්' සහ කුණු කන්දක් නිසා ඔබටද රජාසනය අහිමි වීමේ අවදානමක් මතුවිය හැකි බවට රුහුණේ සිට මා මෙසේ අනතුරු අඟවමි.

 

මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුය!

 

මීට, රුහුණේ සුගලා දේවි

නවතම ලිපි