පිදුරු ගොඩක වැතිරීගෙන
මකුළු දැලක් පොරවාගෙන
බබෙක් නිදනවා
ලස්සන හීන දකිනවා
සුර දරුවන් වට වීගෙන
බබාගේ සුරතල් බලමින
ගීත ගයනවා
නැලැවිලි ගීත ගයනවා
තනි තරුවකි මිතුරනි මග පෙන්වන්නේ
පිනි පොකුරකි මිණි කැටසේ දිලිසෙන්නේ
ගිනි මැලයකි මිහිරිව උණුසුම දෙන්නේ
මුනිවරයෙකි මිහිපිට ඉපැදී ඉන්නේ
පිදුරු ගොඩක වැතිරීගෙන
මකුළු දැලක් පොරවාගෙන
බබෙක් නිදනවා
ලස්සන හීන දකිනවා
සුර දරුවන් වට වීගෙන
බබාගේ සුරතල් බලමින
ගීත ගයනවා
නැලැවිලි ගීත ගයනවා
දෙව් පුතුන් පැමිණ ආදරෙයි කියා
දෙව් වදන් ලොවට උගන්වා ගියා
දෙව් මිනිස් පෙමට නව අරුත් තියා
දෙව් ලොවින් දුන්නු තෑග්ගයි ඔයා
පිදුරු ගොඩක වැතිරීගෙන
මකුළු දැලක් පොරවාගෙන
බබෙක් නිදනවා
ලස්සන හීන දකිනවා
සුර දරුවන් වට වීගෙන
බබාගේ සුරතල් බලමින
ගීත ගයනවා
නැලැවිලි ගීත ගයනවා
වචන සහ රූප රචනය - චාරුක සුරවීර.
තනුව හා ගායනය AI
වීඩියෝ සැකැස්ම - දුමින්ද චාමර ද සිල්වා.

උත්සව සමයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවටත් ලෝකයටත් නත්තලක් උදාවෙනවා. අළුත් අවුරුද්ද , වෙසක් වගේම නත්තලත් ජාති ආගම් භේදයකින් තොරව සමරන්න " සුබ නත්තලක් වේවා!" කියා ප්‍රාර්ථනා කරන්න කවුරුවත් දෙපාරක් හිතන්නේ නෑ.
විපතේදී වගේම සැපතේදීත් එකිනෙකා වැළඳ ගන්න, උදවු කරන්න, අනෙකා වෙනුවෙන් පෙනී හිටින්න හයිය තියෙන , ආදරය කරුණාව උතුරන මිනිස්සු ඉන්න රටක් මේක. අපි එහෙම ජාතියක්.
ඉක්මනට තරහා ගන්න , ඊටත් වඩා ඉක්මනට තරහා මරහා අමතක කරන අමුතු ජාතියක් අපි. ඉතින් හැමදෙනාටම " ශාලොම්!". සාමය වේවා!!!
ආදරණීය බයියනි, ටොයියනි නුඹලාටත් ලෝකයාටත් " ප්‍රීතිමත් නත්තලක් වේවා!!! Merry christmas !!!
#Charu


