ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ
සුපිරි 4 දෙනාගේ තරග වටයේ අවසන් තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.
ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට ආරම්භ වනු ඇත.
තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.