ඔයිමියාකෝන් පිහිටල තියෙන්නෙ සෝවියට් රුසියානු දේශයේ සයිබීරියානු කලාපයට අයත් sakha republic නම් වු දිස්ත්‍රික්කයේ.
හරියටම කිව්වොත් රුසියාවේ අගනුවර වන මොස්කව් නුවර සිට km 4000 කටත් එහා නැගෙනහිරින්.
"සීත කල ජලය, මාළුන් සීත කාලය ගත කරන ස්ථානය" ඔයිමියාකෝන් නමෙහි අර්ථයයි.
කෙසේ නමුත් ඔයිමියාකෝන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙන්නෙ Pole Of Cold යනුවෙන්..
මුහුදු මට්ටමින් මීටර් 750 ක් ඉහලින් පිහිටි මෙම මෙම ජනාවාසය සැබවින්ම සොබාදහමට අභියෝග කරන මිනිසුන් කොට්ඨාසයක් ජීවත් කරවන මිහිතලයෙ ඇති සොඳුරු ලොවෙන් හුදකලා උනු ගම්මානයක්.
සැබවින්ම ජීවිතයෙ කටුකත්වය සෑබෑවටම අර්ථ ගන්වමින් ඔයිමියාකෝන් වැසියන්, තමන්ට හිරු උදාවන සෑම දිනකම ස්වභාවධර්මය හා ඔට්ටු වෙමින්, තම ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරන සොදුරු ජන කොට්ටාසයක්. ඔයිමියාකෝන් වැසියන් ලොව ජීවත්වන ශක්තිමත් ම ජන කොට්ඨාසයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වන්නෙ, අන්න ඒ නිසා.
යුකුට්ස්කි
යුකුට්ස්කි යනු ලොව සීතලම නගරයයි. එය ඔයිමියාකෝන් ගම්මානයට ආසන්නතම නගරයද වනවා. ලක්ශ 3 කට ආසන්න ජනතාවක් මෙම නගරයේ වාසය කරනු ලබන අතර යුකුට්ස්කි සිට ලොව සීතලම ගම්මානය වෙත යාමට නම් නිසැක වශයෙන්ම දින දෙකක් ගත කිරීමට සිදු වන අතරම ඔයිමියාකෝන් වෙත යාමට සහ ඒමට ඇති එකම ප්‍රවිෂ්ට මාර්ගය ද එය වනව.
සම්පූර්ණයෙන්ම හිමෙන් වැසුනු ෆයින් ගස් අතරින් දිවෙන මාර්ගය, යුකුට්ස්කි සිට ඔයිමියාකෝන් දක්වා km682 ක දුරක් දක්වා විහිදෙනු ලබනව. එය පැය 35 කට අදික, නිසැකවම දින දෙකක් ගතවන ගමනක්.
දිනෙන් දින දියුණු වන ලෝකයේ අදටත් ඔයිමියාකෝන් වැසියන් ට මේ දුර්ග මාර්ගය හරහා ලගම නගරයට යන්න දෙදිනක් ගත කරන්නට වෙනව.
ඔයිමියාකෝන් ජන ජීවිතය
වසරින් මාස 9 ක කාලයක් පුරාවට නිරතුරුවම -40° ක උෂ්නත්වයක් මෙහි දකින්නට ලැබෙන අතර සීත සෘතුවේ දි එය -60° සීමාව ඉක්මවනු ලබනව. 1924 වර්ශයේ එක් දිනකදී මෙහි උෂ්ණත්වය සටහන්ව ඇත්තෙ -96° ලෙසින්. එම දිනය සිහිකරනු වස් අදටත් මෙහි ස්මාරකයක්, එහි යන ඕනෑම කෙනෙකුට දැක ගන්න පුලුවන්. ඉතිං හිතාගන්න පුලුවන් නේද කොහොම සීතලක්ද කියල.. ඒක ඔබේ ගෙදර ශීතකරණය ඇතුලේ ඔබ ඉන්නවටත් වඩා වැඩි සීතලක්.
ඔයිමියාකෝන් වැසියන්ගේන් බහුතරය සාම්ප්‍රදායික රුසියානුවන් සහ සාම්ප්‍රදායික යකුට්ස්කි සයිබීරියානුවන්. අතලොස්සක් වූ යුක්රේනියානුවන් ද මෙහි වාසය කරනු ලබනව.
අතීතයෙ දී මෙහි නවදහසකට අදික ජනගනයක් වාසය කලත් වර්ථමානයෙදී තත්වය තරමක් ඛේදනීය ලෙස පරිවර්තනය වී අද වන විට මෙහි වාසය කරනුයේ ගම්වැසියන් 487කු පමණයි.
රුසියානු භාශාව කතාකරනු ලබන ඔවුන් තමන්ටම ආවේනික වූ සාම්ප්‍රදායික ඇදුම් ආයිත්තම් වලින් මේ කටුක ගම්මානය සුන්දර කරවනු ලබනව.
පෘථිවියෙ වෙනත් කිසිදු ස්ථානයක අත්විඳිය නොහැකි තරමේ අධික ශීතලක ජීවත් වන මෙම යුකුට්ස්කි වරුන්ට " සාම්ප්‍රදායික රුසියානු තේ","වොඩ්කා" ඔවුන්ට මනා ආභරණයක් ලෙසයි හදුන්වන්නෙ. සත්ව පාලනයෙන් ලබා ගන්නා පිරිසිදු කිරි, අං සහිත පිනි මුවන්ගේ මාංශ සහ අශ්ව මාංශ මෙන්ම මත්ස්‍ය ආහාර ඔයිමියාකෝන් වැසියන්ගේ ශරීරය පෝෂණය කරනු ලබනව.
කිසිදු බීජයක් හට නොගන්නා කිසිදු ගොවි පොලක් පවා නොමැති ඔයිමියාකෝන් වැසියන් සම්පූර්ණයෙන්ම මාංශ ආහාර මත යැපෙනා ජන කොට්ටාසයක්.
මුළු ගම්මානයටම ඇත්තේ එක් කුඩා වෙලදසැලක් සහ කුඩා පාසලක් පමනක් ම වන අතර උෂ්ණත්වය -55° ඉක්මවන දිනයන්හි දී එම පාසලද වසා දමන්නට කටයුතු කරනු ලබනව.
කිසිදු විදුලි පහසුකමක් හෝ අන්තර්ජාල දුරකතන පහසුකම් නොමැති ඔයිමියාකෝන් වැසියන් ගිම්හානයේ හිරැ රැස් මගින් පෝෂණය වන කෙටි මාස කිහිපයෙදී එක් රැස් කර ගන්නා දැව මගින් යම් උනුසුමක් ලබා ගැනීමට සීත කාලෙයෙදි ප්‍රබල උත්සාහයක නිරත වනු ලබනව.
එමෙන්ම කිසිදු අවන්හලක් හෝ නවාතැන්පලක් ද මෙහි ස්ථාපිතව නොමැති අතර පැමිනෙන ඕනෙම ආගන්තුකයෙකුට නවාතැන් ගැනීමට සිදු වනුයේ මේ ගම්වැසියන්ගේ කුඩා දැවයෙන් සාදන ලද නිවසකය. සැබැවින් ම ඔයිමියාකෝන් වැසියන් ඉතාම සංග්‍රහශීලී ජන කොට්ඨාසයක් ලෙස සමස්ථ සෝවියට් දේශය පුරා ප්‍රචලිත යි.
ඔයිමියාකෝන් සතුව ඇති පුදුම කරවනම කරුණ නම්, සීත කාලයෙදි මෙහි එලිමහනේදී ඕනෑම දැව කඳකට කෙසෙල් ගෙඩියක ආදාරයෙන් ඇනයක් ගැසීමට පවා ඇති හැකියාවයි. ඒ සඳහා මිටියක් හෝ වෙනත් උපකරණයක් අවශ්‍ය නොවන අතර කෙසෙල් ගෙඩියක් හොදින් ම ප්‍රමාණවත්.
ඉතිං මේ ගමේ තියෙන සීතල ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නෑ.
ඒ වගෙම ඔයිමියාකෝන් වැසියන් දිනපතාම ස්නානය කරන ජන කොට්ඨාසයක් නම් නෙමෙයි, කිසිදු ජල සැපයුම් ක්‍රමවේදයක් නොමැති මෙම ජනාවාසයේ,පානය කිරීම සදහා ජලය මෙම යුකුට්ස්කි වරුන් විසින් විවිධාකාර වූ සාම්ප්‍රදායික ක්‍රම මගින් ලබා ගනු ලබයි.. ගම්මානයට එපිට බොහො දුරක් ගෙවා යෑමට ඒ සඳහා ඔවුන්ට සිදුවේ.
එමෙන්ම, දැව කඳන් මත ඉදිකරන ලද ගරාජයන් තුල, මොවුන්ගේ කුඩා වාහන සහ තම සතුන් අධික සීතලෙන් ආරක්ෂා කරගැනීමට ඔයිමියාකෝන් වැසියන් සමත් කම් දක්වන අතරම අධික සීතලෙන් ආරක්ෂා වනු වස් ගම්මානය තුල විශාල දුම් පොරනුවක් ද තනා ඇත.
සමස්ථ වසරේ මාස නවයක් ම සුදෝ සුදු හිම කැට, අඳුර, නිරන්තරයෙන් ම හමා එන හිම කුනාටු, ඉහල ඇන්ටාක්ටිකාව හරහා හමා එන දැඩි ශීත සුළං, එලිමහනේදී ගල්වෙන තරමට දරුණු දැඩි සීතලක් මධ්‍යයේ උවද කිසිදා මේ කුඩා ගම්මානය හැර නොයනා මේ යුකුට්ස්කි වරැන් සැබවින්ම මුළු විශ්වයේම වෙසෙන ශක්තිමත් ම ජන කොට්ඨාසයකි.
එමෙන්ම ඔයිමියාකෝන් තරුනියන් සමස්ථ රැසියාවේ ම වෙසෙන රූමත්ම තරුණියන් අතර ප්‍රමුක ස්ථානයක් ගන්නා බවත් සඳහන් වනව.
ඒ කෙසේ වෙතත් ජීවත් වීමේ අභියෝගය දොතින් දරා ගනිමින් ඔයිමියාකෝනුවන් ලොව සීතලම ගම්මානය සුන්දර කරනු ලබන්නෙ ස්වභාවය දර්මයටද අභියෝග කරමින්.
ගිම්හානයේ දී ඈත කදු මුදුනු සිපගන්නා හිරැ රැස් වලින් පුංචි තෘන පදුරැවලට ජීවය දෙන ඔයිමියාකෝන් බිම, මෙන්ම සීතලේ අඳුරු අහස් කුසට මුවා වෙමින් ඔබ මොබ නිසොල්මනේ ඇවිදින පිනි මුවන් සහ අඳුරු ඝන සීත සුලං වලට මැදිව පුංචි,නමුත් හරිම අලංකාරවට නිමැවුනු දැවමය නිවස් තුල දිවි ගෙවනා මේ යුකුට්ස්කි වරුන්, ඔයිමියාකෝන් නම් වුනු මේ පුංචි ගම්මානය සැබෑවටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර කරනව.
ඉතිං කවුරුම හෝ කෙනෙක් හිතං ඉන්නව නං ලොකෙ සීතලම ගම්මානය දැක බලාගෙන එන්න, එ සදහා ඉතිං අවස්තාව නම් තියෙනව. හැබැයි ඉතිං ඔබ රැසියාවට නම් යා යුතු වෙනව. මොස්කව් නුවර සිට යුකුට්ස්කි දක්වා ගුවන් ගමන් වාර 8 ක් සෑම සතියකම ක්‍රියාත්මක අතර යුකුට්ස්කි සිට ඔයිමියාකෝන් දක්වා විශේශිත වූ රථයක නැග ඔයිමියාකෝන් දක්වා යාමට හැක.
මැයි සහ අගොස්තු දක්වා ඔයිමියාකෝන් වෙත උදාවන කෙටි ගිම්හානය ඒ සඳහා ඔබට බෙහෙවින්ම උචිත වේ.
පුංචි විස්තරයක් ඒ, ලොකේ සීතලම ගම්මානය ගැන.
ගමක සිරිය එක්ක ඉන්න ඔයාලට නොදන්න ගමක් ගැන පුංචි තොරතුරු ටිකක් දෙන්නයි උත්සාහ කලේ..
ආයෙත් නොදන්න ගමක් ගැන තොරතුරු හොයන් කියන්නම්..
සටහන Achala Darshana
උපුටාගැනීම - Fantastic Travelers