සරසවි ඇදුරෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් වූ ධම්ම දිසානායක ලේඛකයෙකු ලෙස තම පණිවුඩය ගෙනයන තවත් අවස්ථාවක්... හෘදයාංගම කවි පන්තියක්...
'ඉලුක් ගේ හැඩ කරපු රතුම රතු කිකිළී' නමින්, පාඨක හදවත් පාරාවළල්ලක ලා, සාහිත්‍ය ලෝකය ඔස්සේ දිව යන්නට සූදානම් වේ.
මෙම කවි පොත, හුදු අකුරු සමුදායක් නොව, මිනිස් ජීවිතයේ නොයෙක් විචිත්‍රවත් පැතිකඩයන් සිත් ඇදගන්නාසුලු අයුරින් විදහා දක්වන කලා කෘතියක් බඳු යැයි ඔහුගේ චින්තාව වේ.
සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම කෘතිය, අගෝස්තු මස 22 වැනිදා සවස 3.00 ට, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 128 දේශන ශාලාවේ දී ඔබ හමුවට පැමිණෙයි.
එදිනට 'හිත් මං කඩ' හරහා අප හදවත් ස්පර්ශ කළ ධම්ම, 'ඉලුක් ගේ හැඩ කරපු රතුම රතු කිකිළී' තුළින් නැවතත් අපට කතා කරයි.
එදින, අපි කවි දහරාවක ගිලී, සුසුම් හෙළා, සිනාසී, හැඟුම්බරව එකම මාවතක ගමන් කරමු. මෙය හුදෙක් පොතක් එළිදැක්වීමේ උළෙලක් නොව, සියලු දෙනාම එකට එක්ව, ජීවිතය සහ කලාව එකට විඳින සුන්දර සැඳෑවක් බව ධම්ම කියයි. එම නිසාම තම හිතවතුන් ගේ පැමිණීම මේ අවස්ථාවට අරුතක් එක් කරනු ඇත යන්න ඔහුගේ බලාපොරොත්තුව යි.
පාර වැරදුණු සරුංගලයක් සේ අප සැවොම, 'ඉලුක් ගේ හැඩ කරපු රතුම රතු කිකිළී' අසලදී එකට එක් වී, අහිමි වූ සොඳුරු සිහින සොයන්නට සූදානම් වෙමු.
ධම්ම තම හිතවතුන් වෙත බෙදාහැරි සටහනයි මේ...
“ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී” තමයි මගෙ අලුත් ම පොත. ඒක කවි පොතක්. සරසවි ප්‍රකාශනයක්. දොරට වැඩීමේ උත්සවය
මේ අගෝස්තු 22වන දා හවස 3.00 ට.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමුවෙනි මහලේ 128 දේශණ ශාලාවේ.
පොතට වඩා මට වටින්නේ ඔබ. නෑ එහෙමම නෙවෙයි, පොතටත් එදාටත් වැඩි වටිනාකමක් එන්නේ ඔබ ඇවිත් හිටියොතින්. අපිව මුණගස්සන්න මේ පොත හොඳ නිමිත්තක්. එදාට අපි: එකට හුස්ම ගනීවි, සුසුම් හෙළාවි, හිනාවේවි, හැඟීම්බර වේවි. එනවා නේද ඔබ? නාවොත් අපි දෙන්නට ම දුක හිතෙයි. ඒ නිසා එන්න.
පොත ගැනම නෙවේ අපි ගැන කතාකරන්න එදාට එන්නේ අභිෂේකා විමලවීරයි විමුක්ති ජයසුන්දරයි. කතාබහට ඉඩ හසර හදල දෙන්නේ බිමාලී චතුප්‍රභා විතාන එක්ක ධම්මික බංඩාර හේරත්.
“හිත් මං කඩ” දී මුණගැහුණු අපි “ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී” ළඟදීත් හමුවෙමු. එදාට පාර වැරදුණු සරුංගලයක් බලන්නත් පුළුවන්.
මම
ධම්ම දිසානායක/ සරසවි ප්‍රකාශකයෝ සමගින්.