SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිරිමාවෝ අගමැතිනිය මාර්ටින් වික්‍රමසිංහට ලියූ ලිපියක් මේ.

(1964 ජූලි 31 වැනිදා). මාර්ටින් වික්‍රමසිංහ මහතා එක්ක සිරිමා මැතිණියට ඉතාම ළඟ ඇසුරක් තිබුනා. ඒ බව එතුමාගේ ජීවිතයේ අවසන් සමය දෙස බැලුවහම පේනවා.

 

506616780 23914705161555607 9190613440782586070 n

 

මෙතනදි සිරිමා හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. ඒ තමයි,

 

"සිංහල සාහිත්‍යයත්, සිංහල සංස්කෘතියත් නඟා සිටුවීමෙහි ලා ඔබගේ ජීවිත කාලය තුළ ඔබ ගෙන ඇති විශාල ප්‍රයත්නය දැනටමත් ඉතිහාසගත වී ඉවරය"

 

කියන ප්‍රකාශය.

 

මේක ලියන්නෙ තත්කාලයේ. ඒක ඉතිහාසය බවට පත්වෙන්නෙ අද දවසෙදි.

 

ලේඛකයෙකුගෙන් පොතක් තෑගි ලැබුනහම රටක අගමැති කෙනෙක් ස්තූති කොට ලියුමක් ලිවීමත් ඒ රටේ සාහිත්‍යයේ පැතිකඩක්.

මේ දෙන්නාම ඒ ක්ෂේත්‍රයන්ගෙන් ලෝක අත්දැකීම් ලද දෙන්නෙක් වීම තමයි විශේෂත්වය.

 

@නුවන් ඉෂාර මහගමගේ

උපුටාගැනීම- විදර්ශන පාඨක ජාලයෙන් 

නවතම ලිපි