SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආචාර්ය සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1978 දී තිරගත වූ  ගැහැණු ළමයි සිනමා පටය,

78 වන කෑන්ස් උළෙලේ කීර්තිමත් කෑන්ස් සම්භාව්‍ය අංශය සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. 

 

 images 2

 

 

1978 ලන්ඩන් චිත්‍රපට උළෙලේදී වසරේ විශිෂ්ට චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ සුමිත්‍රා පීරිස්ගේ මෙම චිත්‍රපටය, පන්ති අරගලය , සම්ප්‍රදාය සහ තාරුණ්‍යය අතර ගැටුමෙන් තලා දැමූ ශ්‍රී ලාංකික ගම්මානයක තරුණ සහෝදරියන් දෙදෙනෙකුගේ කතාව මෙහි අන්තර්ගතවේ.

 

 

images 1

images

 

හැත්තෑව දශකයේ යොවුන් නවකතා රචක කරුණාසේන ජයලත් ශූරීන් විසින් ලියන ලද, ස්ත්‍රියගේ මනෝභාවයන් මනාසේ පරිකල්පනය කෙරුනු ගැහැණු ළමයි නවකතාව මගින් ආචාර්ය සුමිත්‍රා පීරිස් විසින් එය සිනමාවට නගා ඇත.

 

දකුණු ආසියානු සිනමා උරුමය තුළ එහි ස්ථානය සමරමින්, චිත්‍රපටයේ ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදය ලබන සතියේ දී  ප්‍රදර්ශනය කෙරේ.

 

චිත්‍රපටයේ ප්‍රතිසංස්කරණය චිත්‍රපට උරුම පදනම විසින් සුප්‍රසිද්ධ L'Immagine Ritrovata රසායනාගාරයේදී 4K තාක්ෂණයෙන් 35 mm මට්ටමෙන් තිරගත වූ මෙය චිත්‍රපට උරුමය සුරැකීමේ පදනම (Film Heritage Foundation ) විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.

 

මෙම ව්‍යාපෘතිය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම සමඟ සහයෝගයෙන් සිදු කරන ලද අතර චිත්‍රපට සුරැකිමේ පදනම, ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලය / ඉන්දියාවේ ප්‍රංශ ආයතනය සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පුරෝගාමී ජාත්‍යන්තර සහයෝගීතාවයක් වන FISCH හි අනුග්‍රහය යටතේ මෙම චිත්‍රපටය ප්‍රතිසංස්කරණය කර ඇත.

 

කෑන්ස් ප්‍රදර්ශනය සඳහා චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නිළි වසන්ති චතුරානි, ප්‍රධාන නළු අජිත් ජිනදාස, චිත්‍රපට උරුම පදනමේ අධ්‍යක්ෂ ශිවේන්ද්‍ර සිං ඩුන්ගර්පූර් සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපති ගයත්‍රි මුස්තාචි ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

 

496796518 657986917072564 6723958250619856454 n

 

ලෝක සිනමාවේ ප්‍රතිසංස්කරණය කරන ලද විශිෂ්ට කෘතිවලට ගෞරව කරන සම්භාව්‍ය මාලාවේ කොටසක් ලෙස, ඉන්දියානු කතුවර සත්‍යජිත් රායි විසින් රචිත ප්‍රශංසනීය බෙංගාලි භාෂා චිත්‍රපටයක් වන 'අරන්යර් දින් රාත්‍රි' (1970) චිත්‍රපටය සමඟ 'ගැහැණු ළමයි' චිත්‍රපටය  ප්‍රදර්ශනය කෙරේ.

 

 

මෙය ගෝලීය වේදිකාවේ ශ්‍රී ලාංකික සිනමාවට සාඩම්බර මොහොතක් සනිටුහන් කරන අතර, 'සිංහල සිනමාවේ කිවිඳිය' ලෙස පුළුල් ලෙස සලකනු ලබන ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ විශිෂ්ටත්වය  ඉස්මතු කරයි.

 

 

@samara paranavithana

නවතම ලිපි