මාධව රුවන්පතිරණ ගේ ඉහත ලිපිය මතු කරන්නේ බුද්ධිමය අධිකාරිය සහ දෘෂ්ටිවාදී පද්ධති විසින්
සමාජයේ දැනුම හා ආත්මීයත්වය හැඩගස්වන ආකාරය පිළිබඳ සංකීර්ණ විචාරයකි. එය ආරම්භ වන්නේ මාවෝවාදී චීනය පිළිබඳව පැවති සංවාදයක් සහ විශේෂයෙන්ම 1970 දශකයේ ප්‍රංශ බුද්ධිමතුන් (ෆූකෝ, බාර්ත්ස්, ක්‍රිස්ටිවා වැනි) චීනය කෙරෙහි දැක්වූ ආකර්ෂණය සහ පසුව ඇති වූ කලකිරීම විශ්ලේෂණය කිරීමෙනි.
මෙම විශ්ලේෂණය යොදාගන්නේ දේශපාලනික නොව න්‍යායික කුතුහලයකින් යුතුව චීනය දෙස බැලූ සුප්‍රකට මනෝ විශ්ලේෂකවරයාගේ (Lacan) විචාරාත්මක දෘෂ්ටියයි. ඔහුට අනුව, බටහිර බුද්ධිමතුන් චීනය තුළ දුටුවේ බටහිර දෘෂ්ටිවාදයෙන් මිදුණු ෆැන්ටසියක ප්‍රක්ෂේපණයකි. ලිපියේ දෙවන කොටස, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇති වූ සංවාදයක් හරහා එම න්‍යායික ගැටලුවම යළි කරළියට ගෙන එයි. එහිදී නූතන විද්‍යාත්මක කෘෂිකර්මය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්, සාම්ප්‍රදායික වගා ක්‍රම ගැන කතා කරන අයෙක් "සුදුසු" නොවන පුද්ගලයකු ලෙස බැහැර කිරීමට උත්සාහ කරයි. මෙය චීනය විසින් මෑතකදී ගෙන ඇති බව කියන "මූලික උපාධියක් නොමැති අයට අදහස් දැක්වීම තහනම් කිරීමේ" තීරණය හා සමාන කරමින්, ලිපිය අවසානයේදී පෙන්වා දෙන්නේ "මහා අනෙකා" (Big Other) ගේ ස්වරූපය, එනම් සමාජය පිළිගත යුතු නිල දැනුමේ ධුරාවලිය රාජ්‍යයන් සහ බලධාරීන් විසින් නිර්වචනය කරන ආකාරයයි. මෙම ක්‍රියාවලිය මගින්, දෘෂ්ටිවාදී පද්ධති, ආත්මීයත්වය නිෂ්පාදනය කිරීම හෝ මකා දැමීම සිදු කරන ආකාරය සහ දැනුම හුදෙක් ඇකඩමික ධුරාවලියට සීමා කිරීමේ අවදානම ලිපිය මගින් ඉස්මතු කරයි.
චීන ක්‍රමය හරිණි හරහා ලංකාවට ද පැමිණීමේ අවධානමක්!- (මාධව රුවන්පතිරණ)
සුපුරුදු පිරිස එකතුව මාවෝ සේතුං ගැන සංවාදයක් පවත්වා තිබේ. දැන් වමේ හැමදේටම ඉතිරිව ඇත්තේ මේ ටික පමණි. නමුත් ඒ බවක් ඔවුනට අදාළ නොවේ. ඒ සියලු දෙනා සතුටු මුහුණින් සිටිනා ඡායාරූප පලකොට තිබුණි.
මාවෝගේ සමයේ කොම්යුනිස්ට් පක්ෂයේ අති බහුතර විරෝධය මැද "reedeucation", සංස්කෘතික විප්ලවය වැනි ක්‍රියාමාර්ගයන් තුලට අවතීර්ණ වුව ද මාඕවාදය යනු තවත් ආකාරයක (සෝවියට් මෙන්ම) බටහිර විද්‍යාත්මක දෘෂ්ටිවාදය වැළඳගැනීමක් බව දුටුවේ ලකාන් විසිනි.
1970 දශකයේ මුල් භාගයේදී, මිචෙල් ෆූකෝ, රෝලන්ඩ් බාර්ත්ස්, ජූලියා ක්‍රිස්ටිවා සහ පිලිප් සොලර්ස් ඇතුළු බටහිර බුද්ධිමතුන් කිහිප දෙනෙක් මාඕගේ පාලනයේ අවසාන වසරවල ප්‍රංශ සංස්කෘතික හුවමාරුවේ කොටසක් ලෙස චීනයට ගියහ. ඔවුන් එකල චීනය කෙරෙහි වශී වී සිටියේ බටහිර දෘෂ්ටිවාදයෙන් මිදී කටයුතු කරනා රාජ්‍යයක් ලෙස සිතමිනි.
කෙසේ වෙතත්, ලකාන් මෙම සංචාරය පිළිබඳව දැඩි උත්ප්‍රාසාත්මක විය. එයට හේතුව ඔහු මාඕවාදී චීනයට එවැනි “බුද්ධිමය සංචාරක්” අවශ්‍ය කිරීම ගැන සැක කිරීමයි. "විප්ලවවාදී" චීනය කෙරෙහි බටහිර ආකර්ෂණය ගැන ලැකන් ප්‍රසිද්ධියේ උත්ප්‍රාසාත්මක වූ අතර එය දෘෂ්ටිවාදාදීමය ෆැන්ටසියේ තවත් රෝග ලක්ෂණයක් ලෙස දකිමින් ඔහු විසින් එකල බටහිර මාඕවාදී උද්යෝගය සමච්චලයට ලක් කරන ලදී.
විශේෂයෙන් ක්‍රිස්ටිවා, සොලර්ස් සහ බාර්ත්ස් - 1974 දී චීනයට ගිය අතර, බොහෝ දෙනෙක් ආපසු පැමිණියේ කලකිරීමෙන් යුතුවය. ඔවුන් පරමාදර්ශී කළ මාඕවාදී යුතෝපියාව බොහෝ දුරට බටහිරයන්ගේම ෆැන්ටසි ප්‍රක්ෂේපණයක් බව ඔවුන් විසින් වටහා ගෙන තිබුණි. පැරිසියේ රැඳී සිටි ලැකාන් මෙම උද්යෝගය සමච්චලයට ලක් කළ නමුත් ඒ සමඟම, චීනය දැකීමට ඔහු තුළ ආශාවක් තිබුණි. ඒ දෘෂ්ටිවාදීමය පද්ධති විසින් ආත්මය නිෂ්පාදනය කරන හෝ මකා දමන ආකාරය පිළිබඳ ඔහුගේ උනන්දුව හේතුවෙනි.
ඒ කෙසේ වෙතත් ලැකාන් සැබවින්ම මාඕවාදී චීනය කෙරෙහි කුතුහලයෙන් සිටියේය. ඒ දේශපාලනිකව නොව න්‍යායාත්මකව - "ආත්මීයත්වයෙන් තොර ආත්මය" හෝ "විද්‍යාවේ ආත්මය නොවන ආත්මය" ලෙස හැඳින්වූ දෙය මූර්තිමත් කළ හැකි සමාජයක් සඳහා ජීවමාන පර්යේෂණාගාරයක් ලෙස චීනය සලකමිනි.
අනුරුද්ධ ප්‍රදීප් කරන්සූරිය විසින් පසුගිය දිනක ඉල්ලා සිටියේ කෘෂිකර්මය පිළිබඳව ඉහලම මහාචාර්යවරයෙකු විසින් තිලක් කන්දේගම නිශේධ කිරීම සඳහා ඉදිරිපත්විය යුතු බවයි.
කන්දේගම යනු සාම්ප්‍රදායික වගා ක්‍රම පිළිබඳව විද්‍යාත්මක අර්ථකතන දෙන අයෙකි. ඔහු තුල ඇති මූලික විරුද්ධාබාසය එයයි. නමුත් සම්ප්‍රදායිකව පැවති ක්‍රම සහ විධි පිළිබඳව ඔහු පවසන දෑ බොරු, මිත්‍යාවන් ලෙස බැහැර කිරීම වෙනුවට ඒවා භාරගත යුත්තේ අසන්තතිකව හමු වූ අතීත සාක්ෂි වල යම් ඉදිරිපත් කිරීම් ලෙසය (අඩුපාඩු, ඔහුගේ එකතු කිරීම් වැනි දේ තිබිය හැකිය).
නමුත් කර්නසූරියට අනුව පිළිගත යුත්තේ නූතන විද්‍යාව විසින් දායාද කරන ලද කෘෂිකර්මාන්තයයි. ඔහු පවසන්නේ මෙවැනි නොසුදුසු පුද්ගලයින් තුලින් ලැබෙන අභාෂය විසින් විද්‍යාත්මක කෘෂ්කර්මාන්තයට බලපෑම් එල්ලවන බවය. එනම් ඔහු පවසන්නේ, කෘෂි විද්‍යාව පිළිබඳව ඇකඩමික ධූරාවලිය තහවුරු කල යුතු බවත්, අනෙකුත් මිත්‍යාවන් බැහැර කල යුතු බවත්ය.
චීනය මේ වන විට තීරණයක් ගෙන ඇත. ඒ අඩුම තරමින් මූලික උපාධියක් හෝ නොමැති අයට අදහස් දැක්වීම තහනම් කිරීමයි. එනම් සමාජය ආභාෂය ලැබිය යුත්තේ ඇකඩමික ධූරාවලිය තුලින් පමණි.
එකල ලකාන් දුටු දේ අද හරියටම තහවුරු වී ඇත. එනම් චීනය විසින් මේ වන විට "මහා අනෙකාගේ" (big Other) ස්වරූපය කුමක් විය යුතු ද යන්න නිශ්චිතවම තීරණය කර ඇත. හරිනි අමරසූරිය හට ද මෙය ආදර්ශයට ගත හැකිය.
@මාධව රුවන්පතිරණ

