ඉදිරියේදි, පොල්තෙල් විකිණීමේ දී සිල්ලරේට විකිණීම තහනම් කරන බවත්,
ඒ වෙනුවට ඇසුරුම් කළ පොල්තෙල් පමණක් අළෙවි කළ යුතු බවට නීති සම්පාදනය කරන බවත් පුවතකින් කියැවුනි.
මෙය, පොල්තෙල්වල තත්වය සහ ප්රමිතිය දියුණු කිරීම පැත්තෙන් හොඳ අදහසක් වෙන්න පුළුවන් වුනත් මේ සඳහා භාවිත කරන ඇසුරුම ප්ලාස්ටික් වුනොත් දැනටමත් ප්ලාස්ටික් පොලිතීන්වලින් ඉස්මුරුත්තෙටම බැට කන ලංකාවේ ප්ලාස්ටික් නිසා ඇතිවෙලා තියෙන බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ගැටලු තව දුරටත් තීවුර කරන්නට හේතුවක් වනු ඇත.
ප්ලාස්ටික්වල වතුර ගබඩා කර තැබීමෙන් ජලයට එකතුවෙන ප්ලාස්ටික් විෂ (plasticisers) සහ මයික්රොප්ලාස්ටික් තෙල් වර්ග ගබඩා කර තැබීමෙන් දෙගුණ තෙගුණ වෙනව කියල තමයි විද්‍යාත්මක කතාව. මේ පහළින් දාලා තියෙන්නේ එවැනි විද්‍යාත්මක අධ්‍යයනයක වාර්තාවක්.
https://www.mdpi.com/1420-3049/29/24/6013....
පෙට් ප්ලාස්ටික් ඇසුරුම්වල ගබඩා කර තැබෙන සූරියකාන්ත තෙල්වල හානිකර , පිලිකාකාරකයක් වන බෙන්සීන් අන්තර්ගත වන බවත්, එම බෙන්සීන් ප්රමාණය දින 56ක් ඉක්මවා ගබඩා කර තැබීමේ දී පානීය ජලයේ තිබිය හැකි උපරිම බෙන්සීන් ප්රමාණය ද ඉක්මවා යන ඉහළ අගයකින් වාර්තා වන බවත් තවත් අධ්‍යයනකින් පෙන්වා දී තිබෙනවා.
https://www.sciencedirect.com/.../pii/S2214289423000285...
ඒ නිසා ප්ලාස්ටික් පොලිතීන් ඇසුරුම් වෙනුවට වෙනත් පරිසර සහ සෞඛ්‍යයට හිතකර ඇසුරුම් භාවිත කරනවානම් මේ තීරණය හොඳයි. හැබැයි මිළ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න වෙයි. ඒ වගේම දැනට පරිසරයට අනාරක්ෂිතව බැහැර කෙරෙන ප්ලාස්ටික් පොලිතීන් ප්රතිචක්රීකරණය සඳහා දියුණු , තිරසර වැඩපිළිවෙළකුත් ඕන වෙනවා.
මෙය, පොල්තෙල්වල තත්වය සහ ප්රමිතිය දියුණු කිරීම පැත්තෙන් හොඳ අදහසක් වෙන්න පුළුවන් වුනත් මේ සඳහා භාවිත කරන ඇසුරුම ප්ලාස්ටික් වුනොත් දැනටමත් ප්ලාස්ටික් පොලිතීන්වලින් ඉස්මුරුත්තෙටම බැට කන ලංකාවේ ප්ලාස්ටික් නිසා ඇතිවෙලා තියෙන බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ගැටලු තව දුරටත් තීව්ර කරන්නට හේතුවක් වනු ඇත.
@ගැමුණු සාලිය පෙරේරා,
මහජන සෞඛ්‍ය පරීක්ෂක
දෙහිවල ගල්කිස්ස මහනගර සභාව