SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

"මාස 7ක් වැඩබැලුවා ඇති... ජී.එච්.ඩී. ධර්මපාල වහාම ස්ථිර කරනු!"

 ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව ජනපතිට දන්වයි.

 

 විගන ලිපිය

 

වැඩබලන විගණකාධිපති ධුරය තවදුරටත් දීර්ඝ කරමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට එරෙහිව ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධයක් පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ, වත්මන් වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී. ධර්මපාල එම ධුරයෙහි වහාම ස්ථිර කරන ලෙසයි.

 

ගැටලුව කුමක්ද?

 

ව්‍යවස්ථාදායක සභාව විසින් විගණකාධිපති ධුරය සඳහා "වැඩබැලීමේ පත්වීම්" ලබා දීම ප්‍රතික්ෂේප කරමින්, ස්ථිර පත්වීමක් සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබියදීත්, ආණ්ඩුව විසින් වත්මන් වැඩබලන නිලධාරියාගේ ධුර කාලය තවත් දින 14කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙය සැක සහිත ක්‍රියාවලියක් බවයි.

ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් හෙළිවන කරුණු:

ජී.එච්.ඩී. ධර්මපාල මහතා මාස 07කට අධික කාලයක් වැඩබලන විගණකාධිපති ලෙස සාර්ථකව රාජකාරි ඉටු කර ඇති අතර, ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ.

 

විගණකාධිපති ධුරය පුරප්පාඩු වූ විට, දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතමයා පත් කිරීම මෙතෙක් පැවති යහපත් සම්ප්‍රදායයි.

 

ඒ අතර වත්මන් වැඩබලන විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමට ඔහු සිය දායකත්වය උපරිමයෙන් ලබා දී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

 

 

"මේක හොර ගල් අහුලන වැඩක්"

  • වෘත්තීය සමිති නායකයාගෙන් සැර ප්‍රකාශයක්!

 

මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුවේ සභාපති ප්‍රසන්න ඇලපාත ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය.

"විගණකාධිපති තනතුරේ වැඩබැලීම සඳහා කරපු යෝජනාව ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ස්ථිර පත්වීමක් කරන්න කියද්දි, ආණ්ඩුව තව දින 14කින් වැඩබැලීම දීර්ඝ කරලා. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේක මේ විදියට ඇදගෙන යන්නේ කියලා? වෘත්තීය සුදුසුකම් තහවුරු කරලා තියෙද්දි, ඔහුව ස්ථිර නොකර වැඩබැලීමේ පදනමින් පත්කරන මේ 'හොර ගල් අහුලන එක' නවත්වන්න කියලා අපි ආණ්ඩුවට කියනවා."

 

ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, රාජ්‍ය සහකාර විගණන අධිකාරී සංගමය සහ රජයේ විගණන නිලධාරී සංගමය ඒකාබද්ධව මෙම ඉල්ලීම සිදු කර ඇති අතර, විගණන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ජී.එච්.ඩී. ධර්මපාල මහතා ස්ථිර කරන ලෙස ඔවුන් බලකර සිටී.

 

සබැඳි පුවත් -

(විගණකාධිපති පත්කිරීම පිටුපස කඹ ඇදිල්ලේ හදිසි හස්තය මෙන්න! ලංකා ඉතිහාසයේ කුහකම තීරණයක්!)

https://www.slleader.lk/news/13191-2025-11-23-13-52-42

 

නවතම ලිපි