කෘෂිකාර්මික බෝගවලට හානි පමුණුවන වනජීවීන් පිළිබඳව පැවැති ජාතික සංගණනයේදී
දිස්ත්‍රික්ක 25න් 16ක ම නිවාස ඒකක සඳහා බෙදීමට තිබූ පත්‍රිකා එක්ලක්ෂ අනූතුන්දහස් විසි අටක් (193,028) ඒවා බෙදීමට වගකීම් පැවැරූ රාජ්‍ය නිලධාරීන් බෙදා දී නොමැත.
සියලු පත්‍රිකා බෙදාදී ඇත්තේ දිස්ත්‍රික්ක 7ක පමණි. කළුතර, නුවර, හම්බන්තොට, යාපනය, වවුනියාව, මුලතිව් හා මොනරාගල එම දිස්ත්‍රික්ක වේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයෙන් ලබාගත් තොරතුරුවලින් මේ බව අනාවරණය වේ.
තව ද, වනජීවීන් සංගණනයේදී එසේ පත්‍රිකා බෙදා නොතිබීම පිළිබඳ තොරතුරු නොමැති බව කොළඹ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල දැනුම් දී ඇති බව එහි සඳහන් වේ.
මෙසේ අදාළ තොරතුරු පත්‍රිකා බෙදාදීම නිසි ලෙස ඉටු නොකළ දිස්ත්‍රික්ක ලෙස සංඛ්‍යාත්මකව පිළිවෙළින් කුරුණෑගල 37,892ක්, ත්‍රිකුණාමලය 32,929ක්, ගාල්ල 22,708ක්, ගම්පහ 21,147ක්, රත්නපුර 16,068ක්, මාතර 14,066ක්, අනුරාධපුර 13,369ක්, මඩකළපුව 6,513ක්, මන්නාරම 6,500ක්, කෑගල්ල 5,988ක්, මාතලේ 5,832ක්, අම්පාර 3,969ක්, පුත්තලම 3,092ක්, බදුල්ල 1,445ක්, පොළොන්නරුව 977ක්, කිලිනොච්චිය 523ක් ලෙස සඳහන් වේ.
වනජීවීන් පිළිබඳව පැවැති ජාතික සංගණනයේදී පත්‍රිකා බෙදීමේ වගකීම පැවැරූ නිලධාරීන් ලෙස ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, ආර්ථික සංවර්ධන, සමෘද්ධි සංවර්ධන, ක්ෂේත්‍ර නිලධාරීන් හා සංවර්ධන යන නිලධාරීන් අයත් වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
@රවිශාන් ප්‍රනාන්දු
mawbima