"අයියා පොඩි සීන් එකක් උනානේ. මම ඔයාට WhatsApp photo එකක් එව්වා පොඩ්ඩක් බලනවකො."
"WhatsApp එක බලනකොට මෙන්න පැරාෆයිමෝසිස් එකක්."
"පරම්පරා පාත්තරේ බේර ගන්න ඕනේ නම් දැන්ම hospital යමන්..."
මගේ යාලුවෙක් කතා කරලා එවලා තිබුනේ එයාගේ penis එකේ photo එකක්. අද ඒ ගැන පැරාෆයිමෝසිස් (Paraphimosis) ගැන ඔබ දැනුවත්ද?
පැරෆිමෝසිස් කියන්නේ පිරිමින්ට බලපාන ලිංගික සෞඛ්‍ය ගැටලුවක්. මේකෙදි ලිංගේන්ද්‍රියේ අග්‍රය (penis head) ආවරණය කරන පෙර සම (foreskin) පසුපසට ඇදුනම ඒක සාමාන්‍ය තත්ත්වයට එන්නේ නෑ.
මේකෙදි පෙර සම පසුපසට ඇදුණම ඒක ලිංගයේ තද වළල්ලක් වගේ තියෙනවා. මේ වළල්ල නිසා ලිංගේන්ද්‍රියේ කෙලවරට ලේ ගලා යාම අඩු වෙනවා. තව ලිංගේන්ද්‍රියේ අග්‍රයේ ලේ එකතැන හිර වෙලා ඉදිමුමක් ඇති වෙනවා. මේ ඉදිමුම නිසා පෙර සම සාමාන්‍ය තත්වයට ගේන්න තව අමාරු වෙනවා. ලේ ගමනාගමනය නතර වෙලා ලිංගික පටකවලට ඔක්සිජන් හිඟ වෙලා පටක මිය යාම උනත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් ප්‍රතිකාර ගන්න එක ගොඩක් වැදගත්.
මේක ඇතිවෙන්න හේතු මොනවද?
අනවශ්‍ය විදියට පෙර සම ඇදීම.
ලිංගේන්ද්‍රිය ආශ්‍රිත පරීක්ෂණ හෝ කැතීටර් භාවිතය වැනි දේවල් නිසා.
ලිංගික ප්‍රදේශයේ ආසාදන තත්ත්වය හේතු වෙන්න පුළුවන්.
පෙර සම යට පිරිසිදුකම ගැන අවධානය යොමු නොකිරීම.
වැඩිපුරම හැදෙන්න පුළුවන් කවුද?
පැරාෆයිමෝසිස් ඕනෑම වයසක පිරිමින්ට ඇති වෙන්න පුලුවන්.
ඒත් සමහර වයස් කාණ්ඩ වලට මේක වැඩිපුර බලපාන්න පුලුවන්.
ළමුන්: විශේෂයෙන් චර්මච්ඡේදනය (circumcision) නොකළ ළමුන්ට, ඉදිරි චර්මය ගැන නොදැනුවත්කම හෝ බලහත්කාරයෙන් චර්මය ඇදීම නිසා.
වැඩිහිටියන් (වයස 60ට වැඩි): වයස්ගත වීමත් සමඟ චර්මයේ ඇදෙන සුලු බව අඩුවීම, ආසාදන, හෝ කැතීටර් භාවිතය නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.
රෝග ලක්ෂණ මොනවාද?
ලිංගේන්ද්‍රියේ අග්‍රය ඉදිමුම හෝ රතු පැහැ ගැනීම.
කැක්කුමක් හෝ අපහසුතාව.
පෙර සම ආපසු ගෙන ඒමට නොහැකි වීම.
වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. මේක හිතනවට වඩා බරපතලයි. ඉක්මනින් ප්‍රතිකාර ගත්තේ නැත්නම්, ලේ ගමනාගමනයට බාධා වෙලා ලිංගික පටක වලට හානි වෙන්න පුළුවන්.
බලෙන් පෙර සම ඉස්සරහට ගන්න හදන්න එපා. ඒකෙන් තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්.
ලිංගික ප්‍රදේශයේ සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.
@වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න