මාලිනී ෆොන්සේකා යනු ශ්‍රී ලංකා සිනමාවේ අතිශය වැදගත් සහ ප්‍රමුඛතම නිළියකි.
"සිනමාවේ සිංහරාජිනිය" ලෙස විරුදාවලිය ලත් ඇය දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සිනමාවට, වේදිකාවට සහ ටෙලිනාට්‍ය කලාවට විශාල දායකත්වයක් ලබා දී ඇත.
මාලිනී ෆොන්සේකා 1947 අප්‍රේල් 30 වන දින ශ්‍රී ලංකාවේ, කැලණියේදී උපත ලැබුවාය. ඇය පවුලේ වැඩිමහල් දියණිය වූ අතර සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් යුත් විශාල පවුලක හැදී වැඩුණාය. ඇගේ පියා ගිල්බට් ෆොන්සේකා වූ අතර මව සීලවතී ෆොන්සේකා විය. මාලිනී කොළඹ, සෙන්ට් ජෝන් විද්‍යාලයෙන් සහ පසුව මීරිගම, ලලිතා කලායතනයෙන් අධ්‍යාපනය ලැබුවාය. පාසල් වියේදීම ඇය සෞන්දර්ය කලා කටයුතුවලට විශේෂ දක්ෂතා දැක්වූවාය.
ඇයගේ කලා දිවිය ආරම්භ වූයේ වේදිකා නාට්‍යවලිනි. 1968 වසරේදී "නාරිලතා" නම් වේදිකා නාට්‍යයෙන් ඇය ප්‍රථම වරට රංගනයට පිවිසියාය. ඉන්පසු "රන්දුනු", "දිවිතුරා" වැනි වේදිකා නාට්‍ය රැසකට දායක විය.
මාලිනී ෆොන්සේකා සිනමාවට පිවිසෙන්නේ 1968 වසරේදී තිරගත වූ "පූංචි බබා" චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම ඇය අබුද්දස්ස කාලේ, දහසක් සිතුවිලි සහ ආදරවන්තයෝ යන චිත්‍රපට වලද රංංගනයෙන් දායක වුවාය.. ඇය රඟ පෑ සමස්ථ චිත්‍රපට අතර විදේශීය චිත්‍රපට ද වෙයි. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "නිධානය" , අමරනාත් ජයතිලක ගේ "සිරිපාල හා රන් මැණිකා", ධර්මසේන පතිරාජ ගේ "එයා දැන් ලොකු ලමයෙක්" සහ "බඹරු ඇවිත්" යන ඒවා හඳුනා ගත හැක.
රංගනයට අමතරව ඇය චිත්‍රපට අධ්‍යක්ෂණ ක්ෂේත්‍රයේද සිටියාය..ඇය ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරියන්ගෙන් කෙනෙකි.
ඇය රංගනයෙන් දායක වූ සහ අධ්‍යක්ෂනය කල තවත් ජනප්‍රිය චිත්‍රපට අතර අක්කර පහ, සිරිපාල සහ රන්මැණිකා, හිඟන කොල්ලා (1979), වසන්තයේ දවසක් (1980), ආරාධනා (1981), යස ඉසුරු (1982), සසර චේතනා (1984 ඇය අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය), අහිංසා (1987 ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලදී), ස්ත්‍රී (1991ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලදී), සඳමඬල (1994 ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලදී), පුංචි සුරංගනාවී (2002), වෑකන්ද වලව්ව (2003), අම්මාවරුනේ (2006), උප්පලවණ්ණා (2007), ආකාස කුසුම් (2008), මචන් (2008), සෙල්වම් (2011), සරිගම (2016), වැනි චිත්‍රපට රැසක් වෙයි..
ඒ වගේම
"මැනලද පුතේ කිරි දුන්නේ," "පිටගම්කාරයෝ," "කෙම්මුර," සහ "අඹු දරුවෝ" වැනි ටෙලිනාට්‍යවල ද ඇය විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කර ඇත.
මේවාත් සමගින් ඇය චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.
මාලිනී ෆොන්සේකා දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඇය වැඩිම සිග්නිස් සම්මාන (සිග්නිස් ඕ.සී.අයි.සී. සම්මාන) සහ සරසවිය සම්මාන දිනාගත් නිළිය ලෙස වාර්තා පොත් අතරට එක් වී ඇත. 2010 වසරේදී ඇය ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ගෞරවය වන "දේශමාන්‍ය" සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2018 වසරේදී ඉන්දියාවේ ප්‍රදානය කරන ලද "පද්ම ශ්‍රී" සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය.
ඇය තම ජීවන රඟමඬලෙන් බැස ගියද...ඇය ශ්‍රී ලංකා සිනමාවේ විශාලතම අයිකනයක් වන අතර, ඇයගේ කලාත්මක දායකත්වය අතිමහත්ය. ඇය සිනමා ලෝලීන්ගේ හදවත් තුළ සදාකාලිකවම රැඳී සිටිනු ඇත.
@ Dilantha Jayasanka
සිනමාවේදීන් The Cinema People