The New Wings activists take part in a silent protest demanding justice of the 2019 Easter Sunday suicide attack, in Colombo on April 20, 2024. Sri Lanka marks on April 21 five years since Islamist bombers slaughtered 279 people in the island's deadliest suicide attack, but grieving families say they are still waiting for justice. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය යැයි නම් දරන හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු
2020 මැය 06 දා ජනක්ද සිල්වා කොමිසම හමුවෙහි සාක්ෂි දුන්නේය. ඔහුගේ සාක්ෂිය පිටු 140 කින් සමන්විතය. එවකට ඔහු ආරක්ෂක සේවා විද්‍යාලයෙහි නියෝජ්‍ය සේනාධිපති විය. ඔහු බුද්ධි නිලධාරියකු වූ බැවින් ඔහුගේ ජායාරූප ප්‍රසිද්ධ කිරීම කොමිසම විසින් වළක්වන ලදී.
එම සාක්ෂිය මෙහෙය වූයේ අධිකරණ අමාත්‍යාංශයේ වත්මන් ස්ථිර ලේකම්වරිය වන එවකට නියෝජ්‍ය නීතිපතිවරියක වූ අයේෂා ජිනසේනය.
නිලන්ත ජයවර්ධන 2019 අප්‍රේල් 06 දා යැවූ බුද්ධි වාර්තාවෙහි ඊට දින දෙකකට පෙර ලැබුණ බුද්ධි තොරතුර ගැන සඳහනක් කර නැත්තේ ඇයි?
හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය
ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ යුද හමුදාවේ සියලු බුද්ධි මෙහෙයුම් මගින් තොරතුරු රැස්කර ගැනීමත් එම තොරතුරු යුද හමුදාපතිවරයාට දැනුම් දීමත්ය. ඔහුට ඕනෑම වේලාවක යුද හමුදාපතිවරයාට කතා කිරීමේ හැකියාව තිබුණි.
මෙරට ආරක්ෂක අංශ සතු ප්‍රධාන බුද්ධි අංශ දෙකක් තිබේ. හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය සහ රාජ්‍ය බුද්ධි සේවයයි. මෙම ආයතන දෙකෙහිම මුල්‍ය පාලනය රහසිගතය. රාජ්‍ය බුද්ධි සේවයට මුදල් ලැබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිනුමෙනි. 2024 වර්ශයේ එයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 35කට වඩා ලබා දුන් බව එවකට ආරක්ෂ ලේකම වූ හේමසිරි ප්‍රනාන්දු මෙම ලියුම්කරුට කීවේය.
නොදැන සිටි ඔත්තුව
පුදුමයට කරුණ නම් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට ලැබුණූ, පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ බුද්ධි තොරතුරු කිසිවක් තමා නොදැන සිටි බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක වූ බ්‍රිගේඩියර් චූලා කොඩිතවක්කු ජනක් ද සිල්වා කොමිසම හමුවේ කළ ප්‍රකාශයයි. තමා ප්‍රහාරය දැන ගත්තේ සමාජ මාධ්‍ය මගින් යැයි ඔහු කොමිසමට කීවේය. යුද හමුදාපති ද සිටියේ අදුරේය. ඔහු බෝම්බ ප්‍රහාරය දැන ගත්තේ යුද හමුදා නිවස්නයට යාබද ෂැංග්‍රීලා හෝටලයේ පිපුරුම් හඩිනි.
රාජ්‍ය බුද්ධි ප්‍රධානී දිනකට දුරකථන ඇමතුම් දහයක්වත් ජනාධිපති සිරිසේනට දුන්නේය. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් අතර තුර පවා ඔහුට සිරිසේනගෙන් ඇමතුම් තුන හතරක් ලැබුණි. දෙදෙනා ඉදිකටුවයි නූලයි මෙන් බැදී සිටියේය.
සැඟ වූ ඉහළම මට්ටමේ බුද්ධි තොරතුර
එවකට යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් වූලා කොඩිතුවක්කුගෙන් ජනක් ද සිල්වා කොමිසම අප්‍රෙල් 04 වන දින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධනට ලැබුණූ ඉන්දීය බුද්ධි තොරතුරු ගැන ඔහුගේ අදහස විමසීය. එම විමසීම කරන ලදදේ බුද්ධි තොරතුරක විශ්වාසය රඳා පවතින කරුණූ 06 පිළිබඳ චූලා කොඩිතුවක්කු පැහැදිළි කිරීමෙන් පසුය.
එම කරුණූ හය නම් කවදා, කවරකු විසින්, කුමක්ද, කෙසේද, කුමක් නිසා, සහ කොහිදීද ප්‍රශ්ණ හයට පිළිතුරු පවතින්නේද යනුය. මෙයින් කරුණූ තුනකට පිළිතුරු තිබුණද එය සැළකිය යුතු බුද්ධි තොරතුරක් බව ඔහු කීවේය.
ඉන්දීය බුද්ධි සේවා නිලධාරියා විසින් නිලන්ත ජයවර්ධන වෙත එවන ලද සහරාන් කණ්ඩායමේ ප්‍රහාරය පිළිබඳ අප්‍රේල් 04වන දින තොරතුරෙහි ඉහත දැක් වූ ප්‍රශ්ණ හයටම පිළිතුරු තිබූ බැවින් එය ඉහළ ඝනයේ බුද්ධි තොරතුරක් බව චූලා කොඩිකුවක්කු කීවේය.
නමුත් පුදුමයට කරුණ නම්, එවැනිම පුහුණූවක් ලබා තිබූ නිලන්ත ජයවර්ධන එම තොරතුර බුද්ධි තොරතුරක් නොවී යැයි ජනක්ද සිල්වා කොමිසම හමුවේ ප්‍රකාශ කිරීමයි.
චූලා කොඩිතුවක්කු පමණක් නොව, එස්ටීෆ් ප්‍රධානියා වූ ලතීප් ඇතුලු බොහෝ ආරක්ෂක ප්‍රධානීන් කියා සිටියේ එය බුද්ධි තොරතුරක් බවයි.
විවාදාත්මක shortly වචනය
මෙම ඉන්දීය තොරතුරෙහි දක්වා තිබුණේ එම ප්‍රහාරය shortly එනම් ළඟදීම සිදුවිය හැකි බවයි. මෙම shortly යන වචනය නිශ්චිත කාලයක් නොදක්වන බව නිලන්ත ජයවර්ධන කීවේය. එනමුත් චූලා කොඩිතුවක්කු කීවේ, එවැනි තොරතුරක කෙසේද යන්නට ඇති “shortly ළගදීම” යන්න බැරෑරුම්ව සැළකිල්ලට ගත යතු බවයි.
ජේඑම්අයි තුලට යැවූ ඔත්තුකරු
චූලා කොඩිතුවක්කු යටතේ, හමුදා බුද්ධි අංශය ජෙඑම්අයි නම් අන්තවාදී කණ්ඩායම තුලට යවා සිටි එක් ඒජන්තවරයකු ගැන ඔහු සිය සාක්ෂියේ දී සඳහන් කළේය. මුස්ලිම් ජාතික යුද නිලධාරියකු වූ ඔහු කරවල වෙළෙන්දෙකු ලෙම ව්‍යාජ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේ කිසිදු සැකයකට ඉඩක් නොතැබීමටය.
චූලා කොඩිතුවක්කු යටතේ, හමුදා බුද්ධි අංශය ජෙඑම්අයි නම් අන්තවාදී කණ්ඩායම තුලට යවා සිටි එක් ඒජන්තවරයකු ගැන ඔහු සිය සාක්ෂියේ දී සඳහන් කළේය. මුස්ලිම් ජාතික යුද නිලධාරියකු වූ ඔහු කරවල වෙළෙන්දෙකු ලෙම ව්‍යාජ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේ කිසිදු සැකයකට ඉඩක් නොතැබීමටය.
තොරතුරු සෙවූ හැටි
මෙම සාක්ෂිකරුගේ ජංගම දුරකථනයට සවන්දිය හැකි උපංගයක් ද ඔහුගේ නිවසෙහි සිදුවන සියලු කතා බහ දැකීමට සහ පටිගතකර ගැනීමට හැකි වන සේ රහසිගත පටිගත කිරීමේ උපකරණයක් ද හමුදා බුද්ධි අංශය විසින් සවිකර තිබුණි.
පටන්ගත්තේ සලේ
මෙම රහසිගත මෙහෙයුම ආරම්භ කරන ලද්දේ 2016 වසරෙහිදී හෝ ඊට පෙරය. එකල හමුදා බුද්ධි ප්‍රධානියා වූයේ ජෙනරල් සුරේශ් සලේය. සලේ විසින් කොමිසමට දුන් සාක්ෂිය අනුව ඔවුන්ගේ රහසිගත ඒජන්තයකු 2015 වසරෙහිදී අබ්දුල් ජමීල් පසුපස යෑමට පටන් ගත්තේය. ජමීල් යනු ටාජ් සමුද්‍ර හෝටලයෙහි පුපුරුවා ගැනීම බාරව සිටි ස්වයං ඝාතකයාය.
සුරේශ් සලේ ලංකාවට පැමිණියේ 2019 පාස්කු ප්‍රහාරයන්ගෙන් පසුව යැයි ඉමාම් කමිටු වර්තාව කියන්නේ බොරුවකි. ප්‍රහාරයට දෙසතියකට පෙර ඔහු මෙරට සිටි බවට සාක්ෂි තුනක් තිබේ. මේ වසං කිරීමද සැකයට තුඩු දෙයි.
ස්වයංඝාතකයින් ගැන දැන සිටියා
ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවය සතුව, එම තොරතුරෙහි සඳහන් සහරාන්, මිල්හාන් සහ රිල්වාන් දැන දැන සිටි බවද චූලා කොඩිතුවක්කු කියා සිටියේය.
සිය පරීක්ෂනවලදී සහරාන් ගැන තොරතුරු ලද බවත් තමා අවස්ථා හතරකදී සහරාන් භයානක පුද්ගලයකු බවට රාජ්‍ය බුද්ධි දේවයට දන්වා යැවූ බව ටද ඔහු සාක්ෂි දුන්නේය. එසේ නමුත් නිලන්ත ජයවර්ධනගේ රාජ්‍ය බුද්ධි සේවය කිසිම අවස්ථාවක යුද හමුදා බුද්ධි සේවයට සහරාන් ගැන තොරතරු ලබා දුන්නේ නැත.
ජමීල් මෙහොමඩ්, ඉල්හාම් ඊබ්‍රාහිම්, ඉන්සාර් ඊබ්‍රාහිම්, මොහොමඩ් හස්තූන්, මොහොමඩ් මුවාත් යන ස්වයං ඝාතක බොම්බකරුවන් පස්දෙනා ගැනම හමුදා බුද්ධි සේවය සිය රහසිගත මෙහෙයුම හරහා දැන සිටියේය. ඔවුන් ජීවත්වන නිවාස දැන සිටියේය.
පැය 24 පුරාම දැමූ සෝදිසිය
විශේෂ අවස්ථාවක දී පැය 24 පුරාම ඔවුන්ගේ නිවාස ආවේක්ෂනය එනම් පරීක්ෂාවෙන් සිටීම සිදු කළ බවද ඔහු සාක්ෂි දුන්නේය. ( පිටුව (100-101/ 140)
නිලන්ත ගේ අභිරහස් භූමිකාව
මේ සියලු තොරතුරු දැන සිටි යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට රාජ්‍ය බුද්ධිසේවා ප්‍රධානී සහරාන් කණ්ඩායමේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලබා නොදුන්නේ ඇයි? එම තොරතුරු හමුදා බුද්ධි අංශ දැන සිටි බව නිලන්ත ජයවර්ධන දැන සිටියේය.
කටුවාපිටිය ප්‍රහාරකයා දැන සිටියා
පැය 24 පුරාම නිවෙස් සෝදිසිියෙන් සිටීමේ සූදනමක් තිබූ හමුදා බුද්ධි අංශයට ප්‍රහාරය පිළිබද ලද පෙර තොරතුරු ලබා දුන්නේ නම්, උදාහණයක් ලෙස කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ හස්තූන් නතර කිරීමට ලෙහෙසියෙන්ම තිබුණි. අනෙක් ප්‍රහාරකයින් නතර කිරීමට ද අවස්ථාව තිබුණි.
මුල් බුද්ධි තොරතුර ලද අප්‍රේල් 04 දාට දෙදිනකට එනම් 06 දා පසු නිලන්ත ජයවර්ධන විසින් යවන ලද බුද්ධි වාර්තාවෙහි එම තොරතුරු ගැන වචනයක් වත් නැත.
එමෙන්ම අප්‍රේල් 09 දා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන්ද ඔහු එම තොරතුරු වසං කළේය. ප්‍රහාරයට පෙරදා එනම් 2019 අප්‍රේල් 20දා නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති වූ වරුණ ජයසුන්දරගෙන් සහ එස්ටීරෆ් ප්‍රධානී එම්.ආර්. ලතීප්ගෙන් කාත්තන්කුඩියෙහි පුපුරුවන ලද යතුරු පැදිය ගැන විස්තර ඉල්ලූ නිලන්ත ජයවර්ධන ඉන් පසුදා සිදුවීමට නියමිත වූ ප්‍රහාරය ගැන කීවේ නැත.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිටුපස සැඟවීම
එවැනි අපරාධ සහායක හැසීරීමක යෙදුණූ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා රැකගනිමින්, ප්‍රහාරයේ වරද තනිකරම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වෙත පැටවීමට ක්‍රියා කරන ලියන්නන්, දේශපාලනඥයින්ද එම අපරාධයේ අනියම් සහායකයින් බවට පත් වෙති.
@සුනන්ද දේශප්‍රිය
(මෙම ලිපිය මැයි 04 දා අනිද්දා පුවත් පතෙහි මුලින් පළ කරන ලදී)