ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වන හමුදාමය මැදිහත්වීමේ තත්වය
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සමුද්‍රීය අංශ මත අඳුරු සෙවනැල්ලක් පතිත වෙමින් ඇති අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉහළ මෙහෙයුම් පිරිවැයකට මුහුණ දී සිටින අතර කොළඹ වරාය ප්‍රතිනැව්ගත කිරීමේ ආදායම අහිමි වීමේ අවදානමක් ඇති බව ආශා සුරැකුම්පත් පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණයකට අනුව හෙළි වී තිබේ.
යුරෝපය බලා යන ගුවන් ගමන්, වසා දැමූ පකිස්ථාන ගුවන් කලාපය හරහා ගමන් කිරීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්ධන වියදම් ඉහළ යා හැකි අතර, එමඟින් මෙහෙයුම් අභියෝග තවත් උග්‍ර වේ.
මෙම ගැටුම සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීමට ද තර්ජනයක් විය හැක. ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම්වලින් දළ වශයෙන් සියයට 20 ක් ලැබෙන්නේ ඉන්දියාවෙනි. ඒ අනුව පවතින තත්වය මධ්‍යයේ ආරක්ෂක ගැටළු හෝ සංචාරක බාධා හේතුවෙන් ඉන්දියානු සංචාරකයින්ගේ අඩුවීමක් සිදුවිය හැකිය.
වාර්තා වන පරිදි, ඉන්දියාව කොළඹ, ඩුබායි සහ සිංගප්පූරුව ඇතුළු ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානවලින් ඉන්දියානු භාණ්ඩ පාකිස්තානයට නැවත අපනයනය කිරීම නවත්වන ලෙස ද මේ වනවිට ඉල්ලා ඇත.
සමුද්‍රීය මාර්ග විවෘතව පවතින අතර කොළඹ වරාය ආසන්න ගැටුම් කලාපයෙන් පිටත පිහිටා ඇතත්, මෙම තත්වය මත කොළඹ වරායට එහි ලාභදායී ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරයෙන් කොටසක් අහිමි විය හැකිය.
ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳ සබඳතා (2024 දී අපනයන ඩොලර් මිලියන 782 ක් සහ ආනයන ඩොලර් බිලියන 3.5 ක්) එහි පුළුල් කලාපීය වෙළඳ බාධාවන්ට ගොදුරු වීමේ අවදානමක් පවතී.
කෙටි කාලීන වෙළඳ ප්‍රවාහ බාධා ඇති විය නොහැකි නමුත් දිගුකාලීන සතුරුකම් ශ්‍රී ලංකාවේ සංචාරක සහ සැපයුම් අංශ කෙරෙහි පීඩනය උග්‍ර කළ හැකි බව ආශා සිකියුරිටීස් සඳහන් කරයි.
"නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ භූමිකාව භූ දේශපාලනික ස්ථාවරත්වය මත රඳා පවතී,"
යනුවෙන් වාර්තාව අනතුරු ඇඟවූයේ, නැගී එන කලාපීය අවිනිශ්චිතතාවය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ රටවල් සමග භූ දේශපාලනික සබඳතාවන් ඇති කර ගත යුතු සියුම් සමතුලිතතාවය ඉස්මතු කරමිනි.