SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චීන රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයේ සීඝ්‍ර වර්ධනයන් අත්පත් කරගත්තේ, 1979 ඇමරිකානු ජනාධිපති ජිමීකාටර් සහ

හිටපු චීන ජනාධිපති ඩෙන්ෂියාඕ පිං ගේ මැදිහත්වීමෙන් සහ 1990 වසරේ සිට රිචඩ් නික්සන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම වු නවලිබරල් ධනවාදී අවධිය ආරම්භවීමත් සමගය.

 

 

චීනය රාජ්‍ය කේන්ද්‍රීය ප්‍රතිපත්තියක පිහිටා ලාභ ශ්‍රමය හරහා ඇමරිකාව පොහොසත් කල අතර චීනය විසින් ඊනියා සමාජවාදී මොඩලය හරහා ජනයාගේ වහල් ශ්‍රමය හරහා JACK MA වැනි කොමියුනිස්ට්වාදී නායකයන් සිටින රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය පෝෂණය කරන ලදී.1980 කාලය තුල චීනය යනු අප්‍රිකානු සහරානියානු රටවල් සේ අධික දුප්පත් රටක්වු අතර,දශක ගනණක් ඇමරිකාවට ලාභ ශ්‍රමය සැපයීම හරහා වර්තමානය වනවිට ඩො.ට්‍රිලියන 18 ක දලජාතික ආදායමක් ලබන ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හොබවන රට බවට පත්වී ඇත.

 

දැවන්ත ලෙස පාරිභෝගික භාන්ඩ සහ සේවා අතිරික්තයක් නිර්මාණය කිරීමේ නිෂේධනීය ක්‍රියාවලිය හේතුවෙන්, වර්තමානය වන විට තත්ත්වය ගෝලීයව උග්‍ර අතට හැරී ඇත.මේ තත්ත්වය තුල ආනයන ආර්ථිකයක් පවත්වාගෙන යන ඇමරිකාව දැවන්ත වෙලඳ හිගයක් නඩත්තු කරන අතර දශක ගනණක අසීමිත පාරිභෝජනය හේතුකොටගෙන ඩො.ට්‍රිලියන 37 ක ණයක් නඩත්තු කරයි.මේ තත්ත්වය තුල ඇමරිකානු නව ජනාධිපතිවරයා යටතේ මේ සංකීර්ණ තත්ත්වය ආපසු හැරවීමට තීරණය කර ඇත.එහි ප්‍රතිඵලය වී ඇත්තේ අතීතයේ පවත්වාගෙන ගිය නව ලිබරල් ධනවාදී ආනයන අපනයන ආර්ථිකය සංකෝචනය කර ආපසු හැරවීමයි. ඒ හරහා චීනයේ පැවති රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදී මොඩලය මේ වන විට, රැකියා වියුක්තිය ඇතුලු දැවන්ත සමාජ දේශපාලන ආර්ථික අර්බුදයකට මුහුණදී ඇත.

 

ඊට සමගාමීව ඩො.ට්‍රිලියන 4.1 ආනයන ආර්ථිකයක් පවත්වාගෙන ගිය ඇමරිකාව අධි උද්ධමනයක් පවත්වාගෙන යමින් කප්පාදු නීති යටතේ ජනයාගේ පාරිභෝජනය සීමා කර ඇති රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතී.කෙසේ නමුත් මේ තත්ත්වය තුල ඊනියා සමාජවාදයේ නාමයෙන් රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදී සංකල්පය පවත්වාගෙන ගිය චීනය ප්‍රමුඛ අපනයන ආර්ථිකයන් තුල පැවති ශ්‍රම බලකායට කෙලවෙමින් ,අතීත සුභසාධනය මත පවත්වාගෙන ගිය දේශපාලන ආර්ථිකය අහෝසිවීම හරහා ජනයාගේ පාරිභෝජනය සීමාවී ඇත.එසේම අපනයන ආර්ථිකයන් මත යැපෙමින් ලාභ භාන්ඩ සහ සේවා මත පවත්වාගෙන ගිය ආනයන ආර්ථිකයක් වන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැවන්ත ණය උගුලකට හිරවී ඇති අතර එයින් මිදීමට යයි පවසමින් පරිවාර අපනයන ආර්ථිකයන්ට ආනයන සීමා පනවමින් රටවල ජනයාගේ පාරිභෝජනය දැවන්ත ලෙස සීමාකිරීමට තීරණය කර ඇත.

 

මේ සුවිශේෂී තත්ත්වය තුල පරිවාරයේ ඉතාමත්ම දුර්වල අපනයන ආර්ථිකයක් පවත්වාගෙන යමින් දශක 4-5 නවලිබරල් ධනවාදී පාරිභෝජනවාදී ආර්ථික මොඩලයක් පවත්වාගෙන ගිය දූපත් රාජ්‍යයට රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදී මොඩලයක් හඳුන්වාදීමට යාම 21 වෙනි සියවසේ හොඳම විහිලුවයි.හිටපු ගෝඨාභය රාජපක්ෂ චීන මොඩලයකට යෑමට ගිය උත්සාහයේ අවසාන ප්‍රතිඵලය වූයේ සිංගප්පූරුව හරහා මැලේසියාවෙන් නැවතීමයි.

 

කෙසේ.නමුත් රටේ පාලකයන් සිතන්නේ , ප්‍රාදේශිය ජනයා සංවර්ධන කමිටුවලට ඒකාබද්ධ කර මධ්‍යගත පක්ෂයක නායකත්වය යටතේ චීනයේ මෙන් රට පාලනය කිරීමට නම් එය ජනයාට නව්‍ය අත්දැකීමක් වනු ඇත. නමුත් එවැනි රාජ්‍ය කේන්ද්‍රීය දේශපාලන ආර්ථික මොඩලයක් හරහා දැවන්ත කප්පාදු නීති යටතේ පවා චීනයේ සුභසාධන රාජ්‍යයක් නඩත්තු කලේ බටහිර සහ අප්‍රිකාව කේන්ද්‍ර කරගත් දැවන්ත අපනයන ආර්ථිකයක් පවත්වාගෙන යමින් වීම රටේ දේශපාලන සුක්කානම මෙහෙයවන ආන්ඩුවේ දේශපාලකයන් අවබෝධ කරගතයුතුය. අවශ්‍ය නම් එවැනි චීන හිතවාදී පාලනයක් පවත්වාගෙන යන බංගලිදේශයේ වර්තමාන සමාජ දේශපාලන ආර්ථික නොසන්සුන්තාවය නිරීක්ෂණය කලහැක.

 

කෙසේ නමුත්, මේ තත්ත්වය නිරීක්ෂණය කරනවිට පෙනෙන කාරණය වන්නේ, මිනිස් ශ්‍රමය දැවන්ත ලෙස බැහර වන ශිෂ්ඨාචාරයක ,චීනය මෙන් රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදී සුභසාධන ආර්ථික මොඩලයක් හෝ එසේත් නොමැති නම් වෙනත් ජනයාගේ සමාජ දේශපාලන ආර්ථිකය සුරක්ෂිත කරන කිසිම රාජ්‍ය මොඩලයකට ප්‍රවේශයක් මේ මොහොතේ ගෝලීයව නොපවතින බවයි!

 

 @Nalin Dodangoda

 

නවතම ලිපි