SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය පියවීම සම්බන්ධයෙන්

එක්සත් ජනපදය සමඟ පවත්වන සාකච්ඡා වලදී ශ්‍රී ලංකාව සිය අපනයන සඳහා පනවා ඇති 30% ක තීරුබදුවලින් සහන ලබා ගැනීම සඳහා එය උපයෝගී කරගත යුතු බව පවසයි.

 

 

මහාචාර්ය සරත් රාජපතිරණ විසින් රචිත ‘ප්‍රතිපත්තිමය ගෝලීයකරණ අභියෝග’ (Policy Challenges of Globalisation) කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳව අදහස් දක්වා ඇත.

 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පිහිටුවීමේ  මූලික අරමුණ වන්නේ ගෝලීය ණය හිමියන්ට රටවල් ලබාගත් ණය හා පොලිය  ආපසු  ගෙවීම සඳහා වූ පරිසරය නිර්මාණය කර එකී ණය අයකර දීමයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ පවසන්නේ එකී අරමුණ සාක්ෂාත් කරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති බදු බාධකයක් වී ලංකාවේ ආර්ථිකය යළි කඩා වැටීමකට  ලක් වන බවට  ඒත්තු ගැන්වීම හරහා  බදු වංගුවක් ගැසීමට ය.

 

 

“වොෂින්ටනයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ISB හිමියන්ට සිය ණය ගෙවීමයි. කෙසේ වෙතත්, අපේ ආර්ථිකය කඩා වැටුණොත් මෙය කළ නොහැකි වනු ඇත,”

ඔහු පැවසීය.

 

“එබැවින්, එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේදී මෙම කරුණ මතු කළ යුතුය. ශ්‍රී ලංකාවට දැනටමත් එක්සත් ජනපදය විසින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත – මෙම ගැටලුව පුළුල් සාකච්ඡාවේ කොටසක් විය යුතුය,”

 

හිටපු ට්‍රම්ප් පරිපාලනය යටතේ වෙළඳ ක්‍රියාමාර්ගවලින් පීඩාවට පත් වූ වියට්නාමය සහ බංග්ලාදේශය වැනි රටවල් ශ්‍රී ලංකාවට වඩා වේගයෙන් දියුණු වන බවද ඔහු පෙන්වා දුන්නේය.

“අනිත් අය ඉදිරියට යන විට ශ්‍රී ලංකාව තවමත් අරගල කරමින් සිටිනවා,”

 

වත්මන් රජයට ඇමරිකාව සමඟ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් ලබා දෙන්නේදැයි විමසූ විට වික්‍රමසිංහ ඊට ප්‍රතිචාර දක්වමින්,

“තේරුමක් නැහැ – ඔවුන් එය පිළිගන්නේ නැති බව මම දන්නවා”

යනුවෙන් කියා සිටියේය.

 

 

චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බවටද ඔහු ඉල්ලා සිටියේය. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරීම, ජපානයේ ආසියා-පැසිෆික් උපාය මාර්ගය සහ ඉන්දියාවේ ඉන්දියානු සාගර රාමුව සමඟ පෙළ ගැසීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කරයි.

 

 

“අද වෙනස් වන භූ දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව මෙම මුලපිරීම් තුළ උපායමාර්ගිකව ස්ථානගත විය යුතුය,”

ඔහු පැවසීය.

 

පුළුල් භූ දේශපාලන ආතතීන් පිළිබඳව අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එක්සත් ජනපදය ඩොලරයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට කටයුතු කරන අතරම චීනයේ නිෂ්පාදන අංශය අඩපණ කිරීමට උත්සාහ කරන බවයි.

 

නවතම ලිපි