SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

19 වන සියවස තුළ වුවද, ධනවාදයේ ආචාර ධර්ම තුළ අමුතු දියුණුවක් සිදු වූයේ නැත. යුරෝපය සිසාරා හමා ගිය කාර්මික විප්ලවය නිසා

බැංකුකරුවන් සහ ප්‍රාග් ධන හිමියෝ ධනවතුන් බවට පත් වූහ. එහෙත්, එමගින් කම්කරුවන් මිලියන ගණනින් අන්ත දුගී භාවයේ ජීවිතයකට නෙරපා හරින ලදී.

 

 

lowes14augfig3 0

 

 

යුරෝපීය යටත් විජිත තුළ කටයුතු සිදු වූයේ මෙයටත් වඩා නරක ආකාරයට ය. 1876 දී බෙල්ජියමේ දෙවැනි ලියෝපෝල්ඩ් රජු, රාජ්‍ය නොවන ‌මානුෂවාදී සංවිධානයක් ගොඩ නැගුවේ ය. එහි ප්‍රකාශිත අරමුණ වූයේ මධ්‍යම අප්‍රිකාව ගවේශණය කිරීම සහ කොංගෝ ගංගා ඔස්සේ සිදු වන වහල් වෙළඳාමට එරෙහිව සටන් වැදීම ය. එසේම මංමාවත්, පාසැල්, සහ ආරෝග්‍යශාලා ඉදි කිරීම මගින් එම අප්‍රිකානු කලාපයේ පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම ද, එයට පැවරුණු වගකීමක් විය. කොංගෝ නිම්නයේ වර්ග කිලෝ මීටර් මිලියන 2.3 ක පාලනය, මෙම සංවිධානයට පැවරීමට 1885 දී යුරෝපීය බලවත් ජාතීහු එකඟත්වය පළ කළෝ ය. මේ භූමි ප්‍රදේශය බෙල්ජියම මෙන් හැත්තෑ පස් ගුණයකින් විශාල ය. එබැවින්, එතැන් පටන් එය හඳුන්වන ලද්දේ කොංගෝ නිදහස් රාජ්‍යය වශයෙනි. ඒ භූමි ප්‍රදේශයේ ජීවත් වූ මිලියන 20-30 අතර ජනයාගේ මතය කුමක්දැයි ඇසූ කිසිවෙකුත් නැත.

 

4665 cat banner

 

කෙටි කාලයක් ගත ‌වෙත්ම, මානුෂවාදී සංවිධානය ව්‍යාපාරික ආයතනයක් බවට පත් විය. එහි සැබෑ අරමුණ වූයේ වර්ධනය සහ ලාභයි. පාසැල් සහ ආරෝග්‍ය ශාලා අමතක කරනු ලැබිණ. ඒ වෙනුවට කොංගෝ නිම්නය ආකර සහ වතු යායවලින් පුරවන ලදී. ඒවා බොහෝ විට පාලනය කරන ලද්දේ, ස්වදේශික ජනයා අනුකම්පා විරහිත ආකාරයෙන් සූරා කෑමට ලක් කළ බෙල්ජියම් නිලධාරීන් විසිනි. රබර් කර්මාන්තය විශේෂයෙන් අපකීර්තිමත් එකක් විය. රබර් යනු වේගයෙන් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් බවට පෙරළෙමින් තිබූ දෙයකි. කොංගෝවේ ඉතාම වැදගත් ආදායම් මාර්ගය වූයේ රබර් අපනයනයයි.

 

රබර් එකතු කළ අප්‍රිකානු ගැමියන්ගෙන් අපේක්‍ෂා කළ වැඩ ප්‍රමාණය දිගින් දිගටම ඉහළ ගියේ ය. නියමිත ප්‍රමාණය සපුරාලීමට අපොහොසත් වන පුද්ගලයන්ට "කම්මැලිකම” වෙනුවෙන් දරුණු දඬුවම්වලට ලක් වීමට සිදු විය. ඔවුන්ගේ අත් කපා දමන ලදී. ඇතැම් අවස්ථාවලදී ගම්මානවල සිටි සියල්ලන්ම සංහාරය කරන ලදී.

 

වඩාත්ම මෑත කාලීන ගණනය කිරීම්වලට අනුව, 1885 සහ 1908 අතර කාලයේ දී වර්ධනය සහ ලාභය ලුහු බැඳ යාම නිසා වැය කරන්නට වූ ජීවිත සංඛ්‍යාව මිලියන 6 කි. (එය කොංගෝ ජනගහනයෙන් යටත් පිරිසෙයින් සියයට 20 කි. ඇතැම් ගණනය කිරීම්වලට අනුව මරණ සංඛ්‍යාව මිලියන 10 දක්වා ඉහළ නගියි.“

 

ෙකාං 2

ෙකා්ං 3

 

1908 ට පසුව, විශේෂයෙන්ම 1945 න් පසුව, ධනපති කෑදරකම කිසියම් ආකාරයක පාලනයකට නතු කෙරිණි. එය කිසි ලෙසකින්වත් කොමියුනිස්ට්වාදය කෙරෙහි උපන් බිය නිසා ඇති වූවක් නොවේ. එහෙත් අසමානතාවය දිගින් දිගටම ව්‍යප්ත විය.

 

2014 ආර්ථික පුඩිම යනු 1500 පැවති පුඩිමට වඩා ඉතා විශාල එකකි. ස්වකීය පුරාතනයන් අවුරුදු 500කට ඉහත දී ලබා ගත්තාට වඩා අඩු ආහාර ප්‍රමාණයක් ලබා ගනිමින් මුළු දවසක් පුරා වෙහෙසී වැඩ කොට ආපසු නිවෙසට එන බොහෝ අප්‍රිකානු ගොවියන්ට සහ ඉන්දුනීසියානු කම්කරුවන්ට එම පුඩිම බෙදා දෙන ලද්දේ ඉතා අසමාන ආකාරයෙනි.

 

කෘෂිකාර්මික විප්ලවයේදී බොහෝ විට සිදු වූ ආකාරයටම, නූතන ආර්ථීකයේ වර්ධනයද මහා ප්‍රෝඩාවක් බවට හැරීමට ඉඩ තිබේ. මනුෂ්‍ය වර්ගයා සහ ගෝලීය ආර්ථීකය හොඳින් වර්ධනය වනු ඇත. එහෙත් පුද්ගලයන් වශයෙන් බොහෝ දෙනෙකු ජීවත් වනු ඇත්තේ, කුස ගින්නේ සහ දිළිඳු භාවය සහිතව ය.

 

p1041 ill

 

මේ විවේචනයට ධනවාදය දෙන පිළිතුරු දෙකක් තිබේ.

 

ඉන් පළමුවැන්න නම් ධනවාදය විසින් ලෝකයක් ගොඩ නගා ඇති අතර එය පාලනය කළ හැක්කේ ධනපතීන්ටම මිස වෙන කිසිවෙකුට නොවේය යන්න ය. ලෝකය මෙයට වඩා වෙනස් ආකාරයකට කළමනාකරණය කිරීම සඳහා දරන ලද බරපතල වෑයම වන්නේ කොමියුනිස්ට්වාදයයි.

 

පවතින තත්ත්වයටද වඩා එය කෙතරම් නරකද යත්, සිහි බුද්ධිය ඇති කිසිවෙකුට යළිත් එය සඳහා උත්සාහ කිරීමට තරම්වත් උවමනාවක් නැත. ක්‍රි. පූ. 8500 දී ජීවත් වූ අයෙකු නම්, කෘෂිකාර්මික විප්ලවය සිහි කරමින් වේදනාවෙන් කඳුළු සලන්නට ඉඩ තිබිණි. එහෙත් ඒ වන විට කෘෂිකර්මය අත් හැරීමට තරම් ප්‍රමාද වැඩි ය. ඒ ආකාරයටම අපද ධනවාදයට අකමැති විය හැකි ය. එහෙත්, එයින් තොරව අපට ජීවත්වීමට නොහැක.

 


ධනවාදය විසින් දෙන දෙවැනි පිළිතුර වන්නේ අප තව දුරටත් ඉවසිල්ලෙන් සිටීම අවශ්‍යය යන්නයි. ධනවාදීන්ගේ පොරොන්දුව වන පාරාදීසය අත ළඟම එමින් තිබේ. ඔව්. අත්ලාන්තික් වහල් වෙළඳාම සහ යුරෝපීය කම්කරු පංතිය සූරා කෑම බඳු අත් වැරදීම් සිදු වී තිබේ. එහෙත් අපි පාඩමක් ඉගෙන ඇත්තෙමු.

 

ඒ අනුව අප ඉතා මද කලක් බලා සිටියහොත් සහ, පුඩිම තව මදක් විශාල වීමට ඉඩ දුනහොත්, සියලු දෙනාටම විශාල පුඩිම් කොටසක් ලැබෙනු ඇත. උපයා ගත් ආදායම් බෙදී යාම කිසි දිනෙකත් සමාන ආකාරයෙන් සිදු කළ නොහැකි වෙතත්, කොංගෝවේදී පවා, සෑම පිරිමියෙකුටම, ගැහැනියකටම, ළමයෙකුටම, තෘප්තිමත් වීමට ප්‍රමාණවත් තරම් දෙයක් ලැබෙනු ඇත.

 

 

ෙකාං

 


සැබැවින්ම ඇතැම් සුබවාදී සලකුණුද තිබේ. අප හුදෙක් භෞතික නිර්ණායක පමණක් යොදා ගතහොත්, එනම්, ආයු අපේක්‍ෂාව, ළමා මරණ සංඛ්‍යාව සහ කැලරි පරිභෝජනය බඳු නිර්ණායක යොදා ගතහොත් පෙනෙන ‌දෙය නම්, 2014 මිනිසුන්ගේ ජීවන ‌මට්ටමේ සාමාන්‍යය, 1914 එය පැවති මට්ටමට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ය. ප්‍රමාණාත්මකව ඉහළ යන මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව තිබියදීත්, එය එසේ සිදු වී තිබේ.

 

4489 cat banner

එසේ වුවද, මේ ආර්ථීක පුඩිම, කෙළවරක් නැතිව වර්ධනය විය හැකිද? සෑම පුඩිමක් සඳහාම අමු ද්‍රව්‍ය සහ බල ශක්තිය අවශ්‍ය වෙයි. අනාගත විනාශය පිළිබඳ අනාවැකි කියන්නන් විසින් අනතුරු හඟවන ආකාරයට ඉක්මනින් හෝ පසුව හෝ හෝමෝ සේපියන්ලා විසින් පෘථිවි ග්‍රහ තලයේ ඇති අමු ද්‍රව්‍ය සහ බලශක්තිය අවසන් කරනු ඇත. එයින් පසු සිදු විය හැක්කේ කුමක්ද?

 

 

Sapiens – Yuval Noah Harari
සේපියන්ලා; මිහිතලය උරුමයට ගත් මානවයාගේ වංශ කතාව
පරිවර්තනය: උපාලි රත්නායක

උපුටාගැනීම - පාඨලී පිටුවෙන්