ගාලු දිසාවේ කවුංසිල් මේසය උඩ මාලිමාවේ උතුරු කටුවේ
නෙලුං පෝට්ටුවක් විකසිත වෙලා කියා ගාලගෝට්ටියකි.
තවත් තැංඔල කුකුළා කටුව හොටිං අරගෙනය. තවත් තැංඔල ටැලිපෝං එක මාලිමාවේ රිඟිං ටෝං එක වෙලාය.
මේ විදිහට හොරුත් එක්ක නෑ කියූ අය හොරුත් එක්ක මෙවුවා එක මෙවුවා කරනවා කියා ලොකු පුරස්නයකි.
ඒත් එහෙම කලබොල වෙන්ට දෙයක් නැත. දේසාපාලනය කියන්නේ ද්වේෂ පාලනය කියනා එක බව තේරුංගන්ට ඕමනාය.
දැං ඔය දූසිත කියන අය මාලිමාවෙන් මගහොයන එක තේරුං ගන්න පාරවල් කීපයක්ම තියෙනවාය.
1. සමහර වෙලාවට අපි දූසිතයයි කියනා මේ අය එහෙම ඉන්නට ඇත්තේ මහ දූසිතයන්ගේ දූසිතබව වැඩියෙන් පෙන්නන්නට විය හැකිය. එහෙම ආත්මය පාවා දෙමිං දූසිත කඳවුරේ හිටියානං ඒක හරාකිරි කරගන්නවාටත් අන්ත කැප කිරීමක් ය. ඉතිං එහෙම අයව පාවඩ එළලා ගත්තත් මදිය. මුඛයට වගේම අදෝ මුකයටත් තොත්තු දී ගන්ට ඕනෑය.
2. මෙහෙම දූසිත උනාට එක වෙලාවක ඥානාලෝකය පහළ වෙලා මේ අය රටට සේවය කරන්නට අවංකව හිතුවා විය හැකිය. උපන්දා සිට කරපු පවු කැලනියෙං පහකරන්නට හැකි නං උපන්දා සිට කරපු දේශපාලන පවු මාලිමාරස්තානයෙන් පහකොරන්නට බැරිවෙන්නට හේතුවක් නැත.
ඉතිං මේ මොක වුනත් දැං මේ අය සුදු නෙලුං වාගේ පවිත්තරය.
හරිනං කරන්නට ඕනෑ උප සබාපෙති නොව මහ සබාපෙතිකමම දෙන එකය.
පූජාච පූජනීයානං කියන්නේ ඒකටය.
හොරු නැති සුංදර පාලනයක් තනන්නට කියා හොරුංගේ සෙදි ගලවාගෙන මාලිමාවෙන් පාර හොයනා අයට එදා හොරා කියූ එකා මෙදා මූණ ඉස්සරහට තමංගේ කඳවුරේ මුලිච්චි වෙද්දී දත් හිරි වැටෙන්නට පුලුවන.
ඒකට හිරි කැකිල්ල කසාය ජාති අවුසදයක් ය. වඩි තුන බොනකොට හිරි ඇරෙනවාය.
හුඟක් අය අසූචි ඔලට මනාප නැත. ඇයි අසූචි ඉතරක්, සමහර චීස් ජාති පට්ට ගඳය. ඇයි බොම්බිලි. ඒවා පට්ට රහ ය.
අසූචි ගඳ උනාට ගුණය. පායනකොට වැඩිය ගුණය. අපි කරන්නට ඕනෑ අසූචි ඔලට අයිසිං දාන කලාව ඉගෙනගන්න එකය.
වෙන විදිහකට කියනවානං මෙන්න මෙහෙමය.
මතු රැකෙනා සිල්පයමයි උගතමනා!