SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන අදහසක් ප්‍රකාශ කරන්න හිතුනා.

පළමුවෙන් ම මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලවලින් පේන්නේ ජාතික ජන බලවේගයේ ජන්ද පදනම කියන එක ඉතාමත් ගතික (වෙනස්වන සුලු) එකක් කියන බවයි.

 

 

කොයි පක්ෂයටත් මුල් මැතිවරණයේදී ගත් ජන්ද පදනමට් වඩා වෙනස් වෙන ජන්ද පදනමක් ඊලග මැතිවරණයේදී තිබෙන බව සත්‍යයක්. ඒත් මෙවර මාලිමාවේ ජන්ද අඩුවීම (මාස හයක කාලයක් ඇතුලත) මම හිතන්නේ අපේ ජන්ද ඉතිහාසයේ එක පක්ෂයක​ට කෙටිම කාලයකදී සිදුවූ සිදුවූ විශාලතම ජන්ද අඩුවීම ලෙසින් ඉතිහාසගත වේවි.

 

 

මේකේ තියෙන අනෙක් වැදගත්ම කාරණය තමයි ජාතික ජන බලවේගයේ සමහර නායකයෝ (බිමල්, ටිල්වින් ව​ගේ අය) මේ කඩා වැටීම දැක්කේ නෑ වගේ ඉන්න එක. මම හිතන්නේ අනුර, ලාල් සහ විජිත මේ කඩා වැටීම ගැන සංවේදීයි කියල. ඒ තුන් දෙනා සාමාන්‍යයෙන් මේ තත්වය තේරුම් ගන්න පුලුවන් තැනක ඉන්නේ. ඒත් අනෙක් අය මේ තත්වය තමන්ගේ ජයග්‍රහනයක් වගේ හිතන එක මගින් පෙන්වන්නේ මාලිමාවෙ සමහර නායකයෝ ඉන්නේ බරපතල මිත්‍යා මතයක බවයි. ඒක විපක්ෂයට තියෙන 'ප්ල්ස් පොයින්ට්' එකක් විදියට මට පේන්නේ.

 

 

දෙවැනි කාරණය වන්නේ මේ මැතිවරණ ප්‍රතිඵල මගින් විපක්ෂයේ ප්‍රධාන බලවේගය ලෙසින් සමගි ජන බලවේගයේ ජන්ද පදනමට ලැබු​නු එකතුවීම (Contribution and vote share ) මදි කියල මම හිතන්නේ. ඒකෙන් කියන්නේ නැහැ සජබෙ ජයග්‍රහනය අඩුවෙන් සැලකිය යුතුයි කියල. ඒත් මීට වඩා වැඩි 'ගේන් එකක්' අපි ලැබිය යුතුව තිබුනා කියල මට හිතෙන්නේ. ඒ නිසා ඒ තත්වය වඩාත් විමසිලිමත්ව අධ්‍යයනය කිරීම ඉතාමත් අවශ්‍යයි.

 

තුන්වෙනුව, පොහොට්ටුවේ නැගීම බරපතල විදියට තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයි. මම හිතන්නේ පොහොට්ටුව යම් දුරකට ඉස්සුනත් එය රාජ්‍ය බලය දක්වා උස්ස්නන නම් බරපතල වෙනස්කම් රාශියක් ඒ අයට කරන්න වෙනව. ඒත් ඒ පක්ෂය ඒ වගේ 'රෙෆෝම් එකකට' සුදානම් නැහැ කියල මට හිතෙන්නේ. ඒ නිසා ඒ පක්ෂයට රාජ්‍ය බලය ගන්න අමාරු වෙයි ආසන්න අනාගතයේ. ජන්දයෙන් පස්සේ ඒ පක්ෂයේ සමහර තීරණ වලින් පේන්නේ ඒඅය මේ රටේ සිදුවී තිබෙන දේශපාලන වෙනස තවම තේරුම් අරන් නැහැ කියල. ඒ තත්වය සජබෙට වාසියක්.

 

හතරවෙනුව එජාපය ගත්ත ජන්ද ප්‍රමාණය මම බලාපොරොත්තු වූ එකක් නෙමෙයි. ජන්ද ලක්ෂ 4.8 කියන්නේ ලොකු ජන්දයක් ඒ පක්ෂය අද ඉන්න තත්වයට සාපේක්ෂකව. ඒ තත්වය හොදින් තේරුම් කරගෙන අනාගත තීරණ ගන්න අවශ්‍යයි.

 

 

පස්වෙනුව අපි හැමෝම මේ ජන්දයෙන් තේරුම් ගන්න ඕනි කාරණය තමයි රටේ ජන්දදායකයි​න් මිලියන 17 අතරින් හරි අඩක් විතර (මිලියන 8ක් විතර) මේ වන විට කිසිම පක්ෂයක ගැට ගැහිල නැහැ කියල. ඒ අය කිසිම පක්ෂයක සාමාජිකයෝ නෙමෙයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක ඉතාම පැහැදිලි කාරණයක්. මම කියන්නෙ 2015 ඉදල මේ රටේ ජන්ද දායක ප්‍රවනතාවයේ බරපතල වෙනසක් වෙමින් තියෙනව කියන එක. ඒ කියන්නේ 'නිර්පාක්ෂික ජන්දදායක ප්‍රවනතාව' බරපතල ලෙසින් විශාල වෙනව කියන එක.

 

 

එසේ විශාල වෙන නිර්පාක්ෂික ජන්දදායක ප්‍රවනතාවයට 'අනුර දිසානායකගේ ආමන්ත්‍රණය' තමයි තවමත් ප්‍රධාන පිළිගැනීම විදියට තියෙන්නේ. ඒ ආමන්ත්‍රණය ඉතාමත දුර්වල එකක් බවට පත්වෙමිඔන් තියෙන්නේ. ඒත් ඒක 'රිප්ලේෂ් කරන්න (replacing it)' පුලුවන් අලුත් ආමන්ත්‍රණයක් නිර්මාණය වෙනතුරු බහුතර ජන්ද දායකයින් ප්‍රමාණයක් 'වේට් ඇන් සී ((wait and see)' ප්‍රතිපත්තියක ඉන්න බව තමයි මේ ජන්දයේ ප්‍රකාශිත සහ අප්‍රකාශිත ජන්දයෙන් පේන්නේ.

 

මේ අලුත් ආමන්ත්‍රණය (අනුරගේ ආමන්ත්‍රණය රිප්ලේෂ් කරන අලුත් ආමන්ත්‍රණය) නිර්මාණය කිරීම අපි හමුවේ තිබෙන ප්‍රධාන අභියෝගය බව මගේ අදහසයි. මේ සදහා සූදාන​ම් වෙමු!

 

 

© චරිත හේරත්

(12 මැයි 2025)

නවතම ලිපි