SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් ගම්‍ය වූ දෙය වන්නේ අධික ජන වරමක් හිමිව තිබූ

ජාතික ජන බලවේගයේ ජනප්‍රියත්වය පහතට වැටුනු බවය.  බහුතරයක් සභාවන් හි තනි පක්ෂයක් ලෙස

වැඩිම  මන්ත්‍රී අසුන් සංඛ්‍යාවක් ජාජබය ලබාගත්තද විපක්ෂයේ ආසන ප්‍රමාණයට වඩා එය අඩු අගයක් ගෙන ඇත.

 

 

සාමාන්‍යයෙන් පවත්නා මැතිවරණයන්හිදී ආණ්ඩුවක් බලයට පත්වී මාස හතක් වැනි කෙටි කලකදී මැතිවරණයක් පැවැත්වූ විට බලයේ සිටින ආණ්ඩුව ඉහලින්ම ජන වරමක් ලබාගන්නා අතර මෙවර ජාතික ජන බලවේගයට එය අහිමි විය.

 

පසුගිය කාලය තුළම විවිධ මාතෘකා ඇසුරෙන් මාලිමා ආන්ඩුවේ නොහැකියාවන්, අත්දැකීම් අඩුබව, උද්දච්ඡකම්, සහ පොරොන්දු වූ බොහෝ දේ බොරු සහ අසත්‍ය පොරොන්දු බවට පත්වීම තුළින් වැනි කාරණා උකහා දක්වමින් ජනාධිපතිවරයාගේ පටන් ඇමති මණ්ඩලය ඇතුළු ව්‍යවස්ථාදායක සභාවද බොහෝ චෝදනාවන්ට සමාජ මාධ්‍ය තුළ  ලක් විය.

 

 

මේ බොහෝ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුකරණයේ දෝෂයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කළකිරීමට බඳුන්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයන් හි මැදිහත්වීම යැයි පවසන කොටසක් ද වත්මන් ආණ්ඩුව තුළින් මතුව ඇති බව පැවසේ.

 

 

 

කෙසේ වුවද පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජනතා විමුක්ති පෙරමුණ අතර සිදුවූවා යැයි සමාජ මාධ්‍ය හා විවිධ නාලිකා මාධ්‍යයන් අතර පැතිර යන ගොසිප් පුවත නිර්මාණය කළ එකක්ද නැතහොත් සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලියුම්කරුගේ අවශ්‍යතාවය නොවේ.

 

එහෙත් අප  ඉදිරිපත් කරන්නට යන කාරණයට වැදගත් ප්‍රවේශයකි.

 

 

ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රධාන පෙලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ මට්ටමේ නායකයින් සමග විශේෂ සූම් සාකච්ඡාවක් සඳහා පෙරෙයිදා  රාත්‍රියේ කැඳවූ බවත් එමගින් ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුකරණය සඳහා මැදිහත් නොවන ලෙස පවසා ඇති බවත් එමගින් වාර්තා කර තිබිණි.

 

 

 

වාර්තා වන ආකාරයට ඊට හේතු වී ඇත්තේ ජාතික ජන බලවේගයේ මැති ඇමැතිකම් දරන අයගේ කටයුතු සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කෙරෙන අනවශ්‍ය මැදිහත්වීම් ඉහළ බවට ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත කෙරෙන පැමිණිලි සහ බලපෑම ඉහළ මට්ටමක පැවතීම බවද පැවසේ.

 

 

ඒ අනුව ජවිපෙ ප්‍රතිපත්ති අනුව ආණ්ඩුකරණයේ යෙදෙන්නන් වෙත ලබා නොදුන්  පෙර පැවති රජයන්හිදී මැති ඇමතිවරුන් ලත් පහසුකම් ඇතුලු වරප්‍රසාධයන්  ඉදිරියේ දී යළිත් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවත් ඒ සඳහා ජවිපයේ විරෝධතාවන් නොසලකනු ඇති බවත් සාකච්ඡා කෙරුනු බව පැවසේ.

 

 

 

 

කෙසේ වුවත් මෙම ප්‍රවෘත්තිය සත්‍ය හෝ අසත්‍ය වුවද ජනතා විමුක්ති පෙරමුණට ඉදිරියේ දී තීරණාත්මක ගනුදෙනුවකට පැමිණීමට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිය.

 

 

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තවදුරටත් ජවි‌පෙ සාමාජිකයෙකු ලෙස කටයුතු නොකරන බවත් අනුර ජවිපෙන් ඉවත්ව ගොස් ඇති බවත්, මෙය දීර්ඝකාලීන දක්ෂිනාංශික කඳවුරේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් බවත් විවිධ තැන්හි මත පළවිය.

 

 

 

කෙසේ වුවද මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට  ජනතා  ප්‍රසාදය අඩුවීමත් සමග විපක්ෂයේ නිද්‍රාවට පත්ව සිටි පක්ෂ යළි සුපුරුදු පරිදි දේශපාලනයේ නූල් සූස්තර එලීමට එක්වනු දැකිය හැකිය. මේ තත්වයන් මත මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මන්ත්‍රී ආසන 16ක් ලබාගෙන තිබූ අතර ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වෙනුවෙන් සාධනීය ප්‍රතිචාරයන් දැක්වීම ජවිපෙ පාර්ශ්වයෙන් සතුටුදායක තත්වයකි.

 

 

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයෙන් අනතුරුව විපක්ෂයේ බලමුළු ගැන්වීම් හමුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අගය කළයුතු අදහස් දැක්වීමක් සිදු කළ අතර එමගින් ඔවුන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සමග එකඟ විය නොහැකි වුවත් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කිරීමේ පියවරෙහි රැඳී ඇති බව පැහැදිලිය.

 

 

කුමාර්ගේ අදහස් දැක්වීම...

 

 

 

ජාතික ජන බලවේගයේ අභ්‍යන්තරයේ සිදුවෙනවා යැයි කියන ජවිපෙට එරෙහි  චෝදනා මධ්‍යයේ ජවිපෙ වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන ව්‍යාපාරය බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පත්වීම එක් පැත්තකින් ජවිපෙ දියවී යාම වැලැක්වීමටත් එය ශක්තියක් වනු ඇත.

 

 

ටිල්වින් සිල්වා, චන්ද්‍රරතන හාමුදුරුවන් ඇතුලු ජවිපෙ මුල්පෙළ ක්‍රියාකරුවන් ට ආණ්ඩුකරණයේ දී පක්ෂය විසින් කරන මැදිහත්වීම සම්බන්ධව රතු එළි දැල්වීම වැලැක්විය නොහැකි අතර මේ නිසා ඉතා කඩිනමින් යළි පක්ෂය ගොඩනැගීමේ කාර්යභාරය ඔවුන් වෙත පැවරෙනු ඇත.

 

 

සුපුරුදු ලෙස 3% සීමාවේ හෝ ජනතා විමුක්ති පෙරමුණ රැකගෙන ඉදිරියට යාමට නම් ජවිපෙ පෙරටුගාමී ව්‍යාපාර නැවත එක්වීමේ විභවය අත්‍යවශ්‍ය වනු ඇත.

 

 

ජාතික ජන බලවේගය නැමැති නව ලිබරල්වාදය සහිත ව්‍යාපාරයක දිය සුළියට හසුවුනු අනුර කුමාර ඇතුළු පිරිසෙන් බිමල් රත්නායක, සමන්මලී ඇතුළු පිරිසක් හැරුනු විට අනෙක් සාමාජිකයින් නැවත ජවිපෙ වෙතට ඇදී නොඑනු ඇතැයි බොහෝ දෙනාගේ අනුමානයකි.

 

 

 

ලංකාවේ තවත් දක්ෂිනාංශික කඳවුරේ වාම ලක්ෂන සහිත ප්‍රගතිශීලී පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය ක්‍රියාත්මක වනු ඇති අතර එය ඉදිරියේ දී විමල් වීරවංශයන්ගේ ජාතික නිදහස් පෙරමුණ වැනි තත්වයකට පත්වනු ඇත. අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ අතහැර යන ගමන තවදුරටත් සිදු කළහොත් තවත් විමල් වීරවංශ කෙනෙක් නන්දන ගුණතිලක කෙනෙක්  බිහිවනු ඇති අතර, දකුණේ කඳවුරේ පක්ෂ නායකයින්ගේ උවමනාවන් එමගින් ඉටු වනු ඇත.

 

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි