සියලු පැරණි පක්ෂ අභාවයට පත්ව ඇත. ශ්රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය
එදා වාමාංශික කඳවුරේ සම සමාජය හා කොමුයුනිස්ට් පක්ෂය මෙන් ඉතිහාස කතාවලට එක්වෙමින් තිබේ.
ජනගහනයෙන් බහුතරයක් චන්දය දීමෙන් වළකින්නේ දෙන්නට සුදුස්සෙක් නැත යන මතයේ සිටය.විශාල ජනබලයක් දුන් මාලිමාවට පැහැදිලි ජනතා විරෝධයක් මතුව තිබේ.ඔවුන් ලැබූ චන්ද ප්රමාණය විශාල ලෙස අඩු වී තිබෙන්නේ විපක්ෂයේ දක්ෂ කම නිසා නොවේ.ඔවුන්ගේ දුර්වල කම නිසාය. විපක්ෂය දක්ෂ නම් ඔවුන්ට ඒ චන්ද විතැන් විය යුතුය.
කෙසේ නමුත් මේ දේශපාලන පණිවිඩය කියන්නේ රටට නොගැලපෙන ලෙස හැසිරෙන දුෂිත උපදෙස් දෙන හරිනි ඉවත් විය යුතු බවය. ඉන්දීය දේශපාලනයට ගෙඩි පිටින් නතුවීමේ අඳබාල භූ දේශපාලනය ට ජනතාව විරෝධය දක්වා තිබේ. අනුරගේ තනතුරට සුදුසු නොවන හැසිරීම, කතාව හා චන්ඩි පාට් හා සමන්ත ,ටිල්වින් කොට්ටච්චි හා හදුන් ද අබේ ලාගේ දේශපාලනය ට පැහැදිලි රතු එළියක් ජනතාව දී ඇත. ජනතාව මෝඩයන් යයි සිතු නලින් හේවගේ වැනි කට්ටියට හොඳ පාඩමක් ජනතාව කියා දී ඇත.
අනෙක් අතට මෝදිගේ හින්දු ජාතිකවාදය අප්රිය කරන තමිල්නාඩු දේශපාලනය හා බද්ද වුනු උතුර අනුරලා ගේ දිව දෙකේ දේශපාලනය නොසලකා හැර තිබේ.අනුරාධ පුර ජනතාව නම් ගමේ එකා යන අදහස ඇතිව චන්ද ය දී ඇත. දුටු ගැමුණු යයි රැවටී උද්දික ට ද චන්දය දුන් මගේ ගමේ කෂ්ටිය තවත් වසරක් වත් හිත හදාගෙන මාලිමාව දෙස බලා ඉන්නවා ඇත.
කෙසේ නමුත් මේ චන්දය නැවත නැවතත් විපක්ෂයට කියා සිටින්නේ එහි නායකයන් වන සජිත් රනිල්, දුමින්දලා මේ දේශපාලනය තුල තවදුරටත් ජනතාව වලංගු භාවයක් නොදෙන බවය. රනිල් තනිව ගත් චන්ද ප්රමාණය ඔහු ගේ පක්ෂයට කිසිදාක හිමි නොවේ.පක්ෂය අවසන් වී ඇත.ඒ නිසා එක්සත් ජාතික පාක්ෂික යා අලුත් මාවතක් සොයා ගත යුතුය. ශ්රී ලංකා කාරයන් ගැන මට දුක සිතේ. රටේ බොහෝ පක්ෂ වලට සෙවන දුන්, ආරම්භය දුන් පක්ෂයක් අද පත්ව ඇත්තේ අසරණ බවකටය. පුටුව ඇතුලේ එම පක්ෂය සැඟවී ගියාදෝ... යයි වේදනාවෙන් යුතුව සිතන්නට වී ඇත.
ආණ්ඩුවට හැරුණු කොට මේ පණිවිඩය සජිත් ටය. ඔහු අවලංගු වී ඇති අතර ඔහුගේ විපක්ෂ නායකයා භූමිකාව ජනතාවට එපා වී තිබේ.මේ බලවේග සියල්ල ම ජනතාවට ප්රතික්ෂේප කරයි. අවස්තාව අලුත් බලවේගයක් වෙත ප්රවිෂ්ට වීමකි.
ජනතාව ගේ හඬ තේරුම් ගත නොහැකි ආණ්ඩුව හා විපක්ෂය හා පැරණි සමගම දේශපාලනය ප්රතික්ෂේප වී තිබේ. පෞද්ගලික ඥාති කම් හිතවත් කම් නොවෙන්නට චන්දය දීම තවත් අඩු වන්නට ඉඩ තිබුණි. එහෙත් මාලිමාව ඒ ප්රතික්ෂේප වීමට සුදුසු විකල්පය නොවෙන බව ජනතාව මාස හතක කාලයකදී වටහාගෙන ඇත. මෙය විශාල දේශපාලන කඩා වැටීමකි.දේශපාලකයා ගේ භූමිකාව ප්රමාණවත් නොවන බව ජනතාව වටහා ගනිමින් සිටි.
@සුභාෂිනී විෆ්ලර්