SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ස්පාටකස් සාමූහිකය විසින් රචිත මෙම ලිපිය, ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායක ලාල් කාන්ත අමාත්‍යවරයාගේ නව නිවස සහ

එහි පැවති දානමය පුණ්‍යකර්මය කේන්ද්‍ර කරගනිමින්, එම පක්ෂයේ දෘෂ්ටිවාදාත්මක පරිවර්තනය සහ අභ්‍යන්තර දේශපාලන ගතිකත්වයන් පිළිබඳව තාර්කික හා මධ්‍යස්ථ විවරණයක් ඉදිරිපත් කරයි.

 

විශේෂයෙන්ම, ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂු සමාජයේ සමාජ-ආර්ථික හැසිරීම් ආකෘතිය ජවිපෙ වත්මන් දේශපාලන භාවිතාවට සමපාත කරමින්, පක්ෂයේ ඓතිහාසික වාමාංශික උරුමය සහ වත්මන් නායකයින්ගේ භෞතික අපේක්ෂාවන් අතර පවතින පරස්පරතා මෙමඟින් මැනවින් විග්‍රහ කෙරේ. හුදෙක් පුද්ගලික දේපළ පරිහරණය පිළිබඳ සරල විවේචනයකින් ඔබ්බට යන මෙම විමර්ශනය, රාජ්‍ය සම්පත් අවභාවිතය පමණක් දේශපාලන පාපයක් ලෙස සලකන නව මානයකට පක්ෂය අවතීර්ණ වී ඇති ආකාරයත්, පක්ෂය විසින් අතීතයේ නඩත්තු කළ බාල ධනේශ්වර 'පන්තිමය ෆැන්ටසිය' බිඳවැටීමත් හරහා ජවිපෙ දේශපාලන ගමන්මගේ සිදුවෙමින් පවතින තීරණාත්මක සන්ධිස්ථානයක් මෙන්ම න්‍යායික අර්බුදයක් පිළිබඳව පුළුල් කියවීමකට පාඨකයා යොමු කරනු ලබයි.

 

 

 

 

සුවිසල් නිවාස තනා අවසන් වූ පසුව එහි විශාල දානයක් දීම සාමාන්‍ය සිංහල බෞද්ධ පිළිවෙතකි. මියගිය මව හෝ පියා සිහි කරමින් එවැනි පිංකම් පැවැත්වුව ද එහි මුඛ්‍ය අරමුණ වන්නේ මියගිය මව හෝ පියාගේ දුවා දරුවන් මුදල් උපයා සාර්ථක පුරවැසියන් වී ඇති බව සමාජයට පෙන්වීමයි (නිවාස, වාහන සහ පාරිභෝගික භාණ්ඩ යනු ඊට අදාළ සංකේතයි). ලාල් කාන්ත විසින් ද එය දැන් ලොවටම පෙන්වා ඇත.

 

 

 

 

අපගේ කියවීම අනුව මෙය ජවිපෙ දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. ලාල් විසින් ඉදිරියේදී පැවසීමට නියමිතව ඇත්තේ නිවස ඉදිකරන ලද්දේ තමන් හට දෙමාපිය උරුමයෙන් ලැබුන දේපොළ විකුණා දැමීමෙන්ය යන්නයි. එවිට උවිඳු කුරුකුලසූරිය විමසනු ඇත්තේ එසේ නම් ලාල්ලා ජයශාන්තලාගෙන් මුදල් ලබා ගත්තේ ඇයි ද යන්නයි. ඊට ද ලාල් හට පිළිතුරක් ඇත. එනම්, තමන් හට මේ දේපොළ හිමි වන්නේ මෑත කාලයේදී බව පැවසීමත්, තමන් මුදල් ලබා ගත්තේ නිකන් නොව පක්ෂයේ වැඩ කිරීම සඳහා ද බවයි.

 

 

එම තත්වය තවදුරටත් මෙසේ පැහැදිලි කල හැකිය.

 

ඉගෙන ගෙන, ගුරුවරුන් බවට පත්ව, තව ටියුෂන් ද කරමින් විශාල වශයෙන් මුදල් උපයන භික්ෂූන් සිටී. සමහරු ව්‍යාපාර ද සිදු කරයි. තවත් සමහර භික්ෂූන් පන්සල් වත්තේ ආදායම යොදවා ව්‍යාපාරිකයින් බවට පත්ව සිටී. නමුත් ඔවුන් තම පන්සල් බල ප්‍රදේශයේ මිනිසුන්ගේ දානයෙන් යැපේ. ඒ ඔවුන් "ජනතාව" සඳහා සපයන සේවාව සඳහාය. එම සේවාවන්ගෙන් ප්‍රධානතම සේවාව වන්නේ පාංශුකූලයයි. අනෙකුත් සේවාවන් වන්නේ, පාංශු කූලය අවස්ථාවේ පැවිදි දේශනය, පිරිත්, බන හා දාන කටයුතු, පන්සල නඩත්තු කිරීම සහ දාන ශීල භාවනා පින්කම් ආදිය පවත්වාගෙන යාම, වැනි සේවාවන්ය. ඒ අනුව ලාල් හට පැවසිය හැක්කේ තමන් වැටුප් නොලබා සිදු කරන දේශපාලනය සහ කැප කිරීම සඳහා ජයශාන්තලාගෙන් නොයෙකුත් ආදාර ලබා ගන්නා බවය. පන්සලේ හාමුදුරුවන්ට අනුව නම් ඔවුන්ගේ කැපකිරීම් ලාල්ගේ කැප කිරීම් වලට ද එහා ගිය ඒවාය. එනම්, ඔවුන් "පරිපූර්ණ වශයෙන් ලිංගික කටයුතු ඇතුළු ගිහි ජීවිතය ද කැප කර භ්‍රහ්මචාරි වී ඇත්තේ පෘතග්ජන "ජනතාව" වෙනුවෙනි.

 

 

භික්ෂූන් විසින් වාහන, ගොඩනැගිලි, ඇතුළු දේපොළ මෙන්ම විවිධ පාරිභෝජන භාණ්ඩ රැස් කල ද, බුක්ති වින්ද ද "ජනතාවට" ප්‍රශ්නයක් නොමැත. "ජනතාවගෙන්" බොහෝ ගරු බුහුමන් ලැබෙනුයේ හොඳ වාහනයක් සහිත භික්ෂූන් හටය. රැකියාවක් හෝ ව්‍යාපාරයක් සිදු නොකළ ද ජනප්‍රිය බික්ෂූන් හට ව්‍යාපාරිකයින් වැනි අය මිල මුදල් මෙන්ම යාන වාහන ද ලබා දේ. ඒ කිසිවක් පිළිබඳව "ජනතාවට" ප්‍රශ්නයක් නොමැත. නමුත් බික්ෂුවක් ස්ත්‍රියක් සමග සිට හසු වුවහොත් සියල්ල විනාශය (පන්සලේ සිදුවන සමලිංගික කටයුතු පිළිබඳව ද "ජනතාවට" ප්‍රශ්නයක් නොමැත). එසේ හසු නොවී තායිලන්තය වැනි රටවල ධර්මප්‍රචාරක කටයුතු අතරතුර සිදු කරන ස්ත්‍රීන් සමග ලිංගික ගනු දෙනු ගැන (දක්නට නොලැබුන ද එසේ කරනු ඇතැයි සිතමින් සහ එකිනෙකා කතා කරමින්) දායකයින් තුල ඊර්ෂියාවක් ඇති වුව ද දාන දායකයින් හට ප්‍රශ්නයක් නොමැත.

 

ලාල් ඇතුළු එම පාර්ශවයේ ජවිපෙ සාමාජිකයින් විසින් ආදර්ශයට ගෙන ඇත්තේ මෙම පන්සල් ආකෘතියයි. එබැවින් ලාල්ලාට අනුව බික්ෂුවක් ස්ත්‍රියක් සමග සිට හසුවීමට සමාන අකැප වරද වන්නේ රාජ්‍ය දේපොළ අවභාවිතය, රාජ්‍ය මූල්‍ය වංචා සහ දූෂණ කටයුතුය. ඒ අනුව දැන් මේ ලාල් ඇතුළු ජවිපෙ මාලිමා නඩය අවධාරණය කිරීමට උත්සාහ දරනුයේ තමන් ද ගමේ පන්සලේ හාමුදුරුවන් සේ කටයුතු කරන බවය. ඒ අනුව බික්ෂූන් පිළිබඳව "දාන දායකයින්" හට ප්‍රශ්නයක් නැති සේම ලාල්ලා පිළිබඳව "ඡන්ද දායකයින්" හට ද ප්‍රශ්නයක් නොවිය යුතුය යන්න ලාල්ලාගේ ගණන් බැලීමය.

 

 

"ජනතාවට" අදාලව එය එසේ විය හැකිය. නමුත් ප්‍රශ්නය වන්නේ ජවිපෙ දේශපාලනයට, එහි උරුමයට සහ එහි සංස්කෘතියට අදාලව මේ තත්වය නොගැලපීමයි. 2011 වසරේ ජවිපෙන් කොටසක් ඛණ්ඩනය වූයේ ද මෙවැනි ප්‍රශ්න හේතුවෙනි. එම ඛණ්ඩනය වූ කොටසින් ඉතිරි වූ අය පෙසප ලෙස සංවිධානය විය. පෙසප දේශපාලන ස්ථාවරය කෙතරම් දුර්වල වුව ද විමුක්ති දේශපාලනයේ අර්ථයෙන් සංවිධානයක් ලෙස යම් විභවයක් තවමත් ඉතිරිව තිබේ. එහි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඔවුන් තවමත් සුබසාධන රාජ්‍යය, ලිබරල් ප්‍රගතිශීලී කතිකාවන් සහ සදාචාරාත්මක විවේචනයන් මත පදනම් වූ "පැරණි සිහිනවල" ජීවත් වෙමින් සිටීමයි. ගෝලීය ධනවාදයේ පවතින ව්‍යුහාත්මක ප්‍රතීඝතාවයන්ට (structural antagonisms) මුහුණ දෙනවා වෙනුවට ඔවුන් කරමින් සිටිනුයේ රාජ්‍යය තුල ඒවා කළමනාකරණය කිරීම පිළිබඳව ප්‍රශ්න මතු කිරීමයි.

 

 

ඒ අනුව පැවසිය හැක්කේ ලාල් විසින් මෙම දානය තම නිවස ප්‍රදර්ශනය කිරීම සඳහා සිතා මතාම සංවිධානය කලේ නම් එය ජවිපෙ අභ්‍යන්තර අර්බුධය විද්‍යාමාන වීමක් බව ඉතා පැහැදිලිය. එය එසේ නම්, මෙය නැවත හැරවිය නොහැකි ජවිපෙට අදාළ දේශපාලන සංධිස්තානයක් වීම නොවැලැක්විය හැකිය.

 

 

දාතු කරඬුව ඉහ තියාගෙන වැඩම්ම වීම, වැඳගෙන සිටීම, ආදී ශීලක්‍රියා ලාල් විසින් උනන්දුවෙන් සිදු කිරීම පෙන්නුම් කරන ඡායා රූප පල කිරීම යනු ජවිපෙ hard core එකට පහර දීමක් සේ සැලකිය හැකිය.

 

 

ඒ අනුව පැවසිය හැක්කේ ලාල් විසින් මෙම දානය තම නිවස ප්‍රදර්ශනය කිරීම සඳහා සිතා මතාම සංවිධානය කලේ නම් එය ජවිපෙ අභ්‍යන්තර අර්බුධය විද්‍යාමාන වීමක් බව ඉතා පැහැදිලිය. එය එසේ නම්, මෙය නැවත හැරවිය නොහැකි ජවිපෙට අදාළ දේශපාලන සංධිස්තානයක් වීම නොවැලැක්විය හැකිය.

 

ඉතා පැහැදිලි කාරණයක් වන්නේ ලාල් විසින් මෙම නිවස ප්‍රදර්ශනය කරනුයේ අල්ලස් හෝ දූෂණ කොමිසමට කෙතරම් පැමිණිලි කල ද ලාල්ගේ නිවස සහ ඉඩම මිලදී ගැනීමට අදාළව වියදම් කර ඇති ධනය පුද්ගලික ධනය බව ඔප්පු කිරීමට අවශ්‍ය සියලු කරුණු සහ සංඛ්‍යා ලේඛන සහිතවය යන්නයි.

 

 

ලාල් හට මෙතරම් විශාල මන්දිරයක් අවශ්‍ය වීම තුලින් පෙන්නුම් කරනුයේ ජවිපෙ දෘෂ්ටිවාදයේ ස්වරූපයයි. ඉතිහාසය පුරාවටම ජවිපෙ නඩත්තු කල දේශපාලන දෘෂ්ටිය වූයේ "උන්ට තියනවා, අපට නැහැ" යන බාල ධනේශ්වර ෆැන්ටසියට අදාළ ආශාව ගසා කෑමයි. ජවිපෙ සාමාජිකයා භික්ෂුවක් සේ කටයුතු කරන ලද්දේ විමුක්තිය අරඹයා නොව "පන්තියට ජයග්‍රහණ අත්කර දීම" සඳහාය.

 

සමාජයේ අතිශය බහුතරයකට මෙන්ම ලාල් හට ද විශාල මන්දිරයක් අවශ්‍ය වී ඇත.

 

 

 

ස්පාටකස් ලිපි

නවතම ලිපි