SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දුම්වැටිවල අඩංගු ෆිල්ටර් බිමට වැටෙන විශාලතම අපද්‍රව්‍යයක් බවට පත් වෙමින් තිබෙන නිසා

මෙරට බලධාරීන් මේ පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

 

මෙරට දිනකට ෆිල්ටර් මිලියන 4.9 ක් පමණ ප්‍රමාණයක් පරිසරයට එකතු වෙමින් තිබෙන බවත් එය වසරකට සැලකීමේදී බිලියන 1.8 ක ප්‍රමාණයක් බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම්, සඳහන් කළේය.

ජීව විනාශ නොවන (Non-Biodegradable) ද්‍රව්‍යයක් වන Cellulose Acetate ප්ලාස්ටික්වලින් නිපදවන නිසා ෆිල්ටර් මුහුදට, ගංගාවලට, ඇළ දොළට වැටී, ඒවායේ තිබෙන රසායනික ද්‍රව්‍ය සහ විෂ මගින් මත්ස්‍යන් හා ජල ජීවීන්ට පවා හානි සිදුවන බව ඔහු පැවසීය.

 

 

ෆිල්ටර් තිබීම මඟින් මිනිසුන්ට සිතෙන්නේ “දුම් වැටි ආරක්ෂිත එකක්” ලෙස වුවත් වෛද්‍ය විද්‍යාත්මක පර්‌යේෂණ අනුව, ෆිල්ටර් මඟින්  මිනිසුන්ට වැඩි දුම් ප්‍රමාණයක් ඇදගැනීමට හේතු වන අතර, දිගුකාලීන භාවිතයෙන්  සෙරිනික් ස්ත්‍රෝක්, හෘද රෝග සහ නාලිකා  අවහිරවීම හා පිළිකා වැනි රෝගවලට හේතු වන්නේ යැයි සොයාගෙන තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

 

 

මෙම  තත්ත්වය සැලකිල්ලට ගෙන බොහෝ රටවල් ෆිල්ටර් සහිත දුම්වැටි භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් පියවර ගෙන තිබෙන බවත් “ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ යුරෝපයේ රටවල් කිහිපයක් මේ පිළිබඳ නීති සකසා තිබෙන බවත් විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් සඳහන් කළේය.

 

 

දුම් වැටි ෆිල්ටර් පරිසරයට විනාශකාරී වීම හා දිරාපත් වීමට විශාල කාලයක් ගත වීම සෞඛ්‍යයට වංචනික ආරක්ෂාවක් සැලසීම, වායු දූෂණය හා ජල දූෂණය ඉහළ යාම යන කරුණු පදනම් කර ගෙන ෆිල්ටර් සහිතව දුම් වැටි අලෙවි කිරීම තහනම් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවද ඔහු පැවසීය.

 

 

දුම්කොළ පාලනය සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳව පසුගිය වසරේ පැනමාවේ පැවති සැසිවාරයේදී ෆිල්ටර් සහිතව දුම් වැටි අලෙවිය වැළැක්වීමට අදාළව යෝජනාවක් ඉදිරිපත් වූ බවත් මේ අනුව කටයුතු කරන බවට රටවල් රැසක් එකඟතාවට පැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.

 

 

@ ඉන්දික හේවාවිතාරණ

නවතම ලිපි